සිය සිව් වන ටෙස්ට් තරගය ක්‍රීඩා කරන අයර්ලන්ත මැද පෙළ ක්‍රීඩක පෝල් ස්ටාලින් සිය මංගල ශතකය ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කළේය.
ස්ටාලින් මේ වනවට ටෙස්ට් තරග 03ක ඉනිම 06ක් තුළ වාර්තා කරගෙන තිබුණේ මුළු ලකුණු 104කි. එහෙත් ශ්‍රී ලංකාව හා ගාල්ලේ දි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දි ඔහු ලකුණු 103ක් ලබා ගත්තේය. එතෙක් ඔහු ටෙස්ට් ජීවිතයේ ලබාගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 36කි.
ගාල්ල උණුසුම් කළ අප්‍රේල් දාහය දරාගත නොහැකිව මස්පිඩු පෙරළීමට ලක් වී ඔහු පළමු ඊයේ අබාධයකට ලක් වී සිය ඉනිම තාවකාලිකව අත්හිටවනු ලැබුවේය. ඒ ලකුණු 74ක් ලබාගෙන සිටියදීය.
අද උදේ යළි පිටියට පැමිණි ස්ටර්ලින් සිය ශතකය සම්පූර්ණ කළේ පන්දු 181කට මුහණ දෙමිනි. ඔහු ගේ ශතකයට හතරේ පහර 09ක් සහ හයේ පහර 04ක් ඇතුළත් විය. ස්ටාලින් සිය අර්ධ ශතකය ලබා ගත්තේ පන්දු 64කට පමණක් මුහුණ දෙමිනි.
මේ වනවිට අයර්ලන්ත ඉනිමට ශතක 01ක් සහ අර්ධ ශතක 03ක් එක් වී තිබේ. දැවී ගොස් ඇත්තේ කඩුළු 06ක් පමණි. ලකුණු