බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම මෙම මාසයේ අවසානය වනවිට කොවිඩ් එන්නත ලබා දී අවසන් කරන බව සංචාරක සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
එමෙන්ම පළාතේ ගුරුවරුන්ට සහ පෙර පාසල් ගුරුවරුන්ටද එන්නත ලබා දිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවුසවේ අද (17) ඇල්ල ප්‍රෙද්ශයේ සංචාරක ක්සේත්‍රෙය් නියැළෙන්නන්ට කොවිඩ් එන්නත ලබා දිමේ වැඩසටහනනට එක් වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
“පසුගිය කාල සීමාව තුළ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රට වසා දැමීමට කටයුතු කළා. ඒ වෙලාවේ එන්නත්කරණය කිරීම ආරම්භ කර තිබුණේ නැහැ.දැන් ජනාධිපතිවරයා එන්නත් කරන කටයුතු එතුමා යටතට අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ කටයුතු කරගෙන යනවා.
ආයෝජන මණ්ඩල කලාපවල සියලු දෙනාට මේ වෙනකොට එන්නත ලබාදී අවසන්.
ගුරුවරුන් ට පෙර පාසල් ගුරුවරුන්ට ඒ වගේම රටේම 30 ට වැඩි අයට මේ මාසේ අන්තිම වෙනකොට ලබා දෙන්න අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙනවා.
ඊට සමගාමීව විදේශ සංචාරකයන් ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා අපේ රටට එන්න.
මේ එන්නත්කරණය ඒ පිළිබඳව ලෝකය දැනුවත් කළ විට ඒ අය බය නැතුව අපේ රටට එනවා.
ඒ අයට අපේ රටට එන්න අවශ්‍ය කරන පරිසරය සෑදීම සඳහා අප සංචාරක ප්‍රදේ වල එන්නත්කරණය සම්පූර්ණ කළ යුතුයි..ඒ නිසා ජනාධිපතිවරයා උපදෙස් දුන්නා එවැනි ප්‍රදේශවලට කඩිනමින් එන්නත් ලබා දෙන්න කියලා.
ඇල්ල ප්‍රදේශයේ අප ගණනය කරලා තිබෙන විදිහට දෙදහකට වැඩි පිරිසක් සෘජු හා වක්‍ර ආකාරයෙන් සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ නියැළෙනවා .ඒ අයට අද ඉඳලා 24 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරලා අවසන් කරනවා. මොකද ලබන මාසේ පළවෙනිදා ඉඳලා සංචාරක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් කිරීමට අප සූදානම් වෙනවා.