කඩුගන්නාව නගරසභාවේ සභාපතිවරයාගේ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීමටත්, විමර්ශන කටයුතු නිමා වනතුරු නගරසභා ලේකම්වරිය වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකර යැවීමටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ තීරණය කර තිබේ.
ආණ්ඩුකාරවරයා මේ බව පැවසුවේ පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් සිය විමර්ශනය පිළිබඳ අතුරු වාර්තාව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ වෙත අද (17) භාර දීමෙන් අනතුරුවය.
අදාල විමර්ශන කටයුතු කුමණ ඉසව්වක් කරා යොමුකරවිය යුතු ද යන්න සලකා බැලීම පිණිස තමන් මෙම අතුරු වාර්තාව ඉල්ලා සිටි බව ආණ්ඩුකාරවරයා පැවසුවේය.
ඒ අනුව ලබා දී ඇති අතුරු වාර්තාවේ සඳහන් පරිදි පරිපාලන නීති කඩකිරීමක් සිදුව ඇති බැවින් අදාල පරීක්ෂණය පොලිසිය ඔස්සේ සිදුකළ යුතු බවත්, මෙම පරීක්ෂණය සාධාරණ හා නීත්‍යානුකූළ ලෙස සිදුකළ යුතු බැවින් ඊට බාධාවක් වෙතැයි සැක කරන කඩුගන්නාව නගරසභාවේ ලේකම්වරිය වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යැවීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවයා කීවේය.