අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය රිෂාද් රිෂාඩ් බදියුදීන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කොට තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසුවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින බදුර්දීන් මහතා අද පෙරවරුවේ තම ශරීරයට යම් අපහසු තත්වයක් පවතින බවට ප්‍රකාශ කර ඇත ඇති අතර ඔහු ඒ අනුව රෝහල වෙත කැඳවාගෙන ගොස් ඇති බවයි.
ඔහු පරීක්ෂා කළ පරික්ෂා කළ වෛද්‍යවරුන්ගේ නිර්දේශයට අනුව ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත.