තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 31 අද (17) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.
ඒ සමඟ මෙරටින් නිල වශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,733 ක් දක්වා ඉහළ ගියේය. මියගිය අය අතර පිරිමි අය 17 දෙනෙක් සහ කාන්තාවෝ 14 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 23 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 8 දෙනකු ද වෙති.
මේ සම්බන්ධව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.