අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රමෝද්‍යත් රූකඩයක්… මහෙලාවතාරය අතින් විසඳීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම!

by editor
දෙසැම්බර් 30, 2022
in පුවත්
ANTIGUA, ANTIGUA AND BARBUDA - JANUARY 27: Mahela Jayawardene, Consultant of Sri Lanka looks on during the ICC U19 Men's Cricket World Cup match between Sri Lanka and Afghanistan at Coolidge Cricket Ground on January 27, 2022 in Antigua, Antigua and Barbuda. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

ANTIGUA, ANTIGUA AND BARBUDA - JANUARY 27: Mahela Jayawardene, Consultant of Sri Lanka looks on during the ICC U19 Men's Cricket World Cup match between Sri Lanka and Afghanistan at Coolidge Cricket Ground on January 27, 2022 in Antigua, Antigua and Barbuda. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

Share on FacebookShare on Twitter

neutral-ampayerජනවාරි මුල පැවැත්වෙන එක් දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ඉන්දීය සංචාරය සඳහා තෝරා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීම හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ කණ්ඩායමට තව දුරටත් නම් කිරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබේ.

ඇතැම් ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමෙන් කැපී යන්නේ ඇතැම් ජ්‍යේෂ්ඨයන්ගේ වාර්තා අභිබවා යාමට කිට්ටුවෙන් සිටියදී වීමත් කැපී පෙනේ.

ආසියානු කුසලාන තරගාවලියේ සිට මේ දක්වා කරන ලද කිසිදු තේරීමකට පෙර ක්‍රීඩකයන් අතර මෙතෙක් පවත්වාගෙන ආ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීම විශේෂ සිද්ධියකි.

තෝරා ගත් මාධ්‍යවලට පමණක් කතා කරන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මේ ගැන මුනිවත රැක සිටින්නේ ඔහුට උඩින් කිසිවකු බලපෑම් කරන නිසා බව නියුට්‍රල් අම්පයර් වෙත දැන ගන්නට ලැබී ඇත.
ඒ එක්කෝ මහේල ජයවර්ධනය. නැතිනම් ෂම්මි සිල්වා ප්‍රමුඛ විධායක සභාවය.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස මෑතක් වන තුරු කටයුතු කළ මහේල තවමත් මසකට ඩොලර් 18,000 ක ( රුපියල් ලක්ෂ 65) ක වැටුපක් ලබමින් ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔහු නොමැති ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගත්තත් ඔහු උපදේශක ලෙස සංචාරය කළ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියත් අසාර්ථක වූ අතර පුහුණුකරු සිල්වර්වුඩ් හා මහේල ලෝක කුසලාන තරගාවලියේ සිට මේ වනතුරු එකිනෙකාගේ මුහුණ බලන්නේද නැත.

තරග අතර ගනු ලැබූ බොහෝ තීරණ ගන්නා ලද්දේ නායකයාට හෝ පුහුණුකරුටත් සංචාරයේ සිටි තේරීම් කමිටු සභාපතිවරයාටත් අවශ්‍ය පරිදි නොව මහේලට අවශ්‍ය පරිදි බව කියන්නේ ක්‍රීඩකයන්මය.

නායක දසුන්ද පිටියේ කටයුතු කර ඇත්තේ භානුකගේ උපදෙස් වලටය.

ඒ මෑතකදී දසුන් හා භානුක අතර හට ගෙන ඇති අමුතු ජාතියේ මිත්‍රත්වයක් නිසාය.
මේ හේතුවෙන් ඔවුන්ගේ කැපිල්ලට ලක්වූ ක්‍රීඩකයන්ද සිටී.

නායකත්වය අහිමි වුවහොත් කණ්ඩායමේ ස්ථානයද තමන්ට අහිමි වන බව දන්නා දසුන් දැන් වැඩ කරනුයේ ඒ බව වටහාගෙන නිසා කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනකු රාජකාරිමය අවශ්‍යතාවකට මිස ඔහු සමග කතා බහක යෙදෙන්නේ නැත.

ස්කින්ඩ් ෆෝල්ඩ්ස් කීයක් වුණත් කි.මී. 2 කීයට දිව්වත් භානුක කණ්ඩායමේ රැඳී ඉන්නේ මහේලගේත් දසුන්ගේත් හයියෙන් බව ක්‍රීඩකයෝ දනිති.

වනිදු හසරංග හා කුසල් මෙන්ඩිස්ට උප නායක කම් ලැබෙන්නේද මේ ආකාරයෙන්මය.
දැන් වනිදු තරම් ක්‍රිකට් දන්නා අයකු ලංකාවේම නොමැති තරම්‍ ය.

මේ කරුණු අනුව මාධ්‍ය ඉදිරියේ කොතරම් කයිවාරු ගැහුවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, කළුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන තේරීම් කමිටු නිලධාරියෝ නිකමුන්ය.

ඒ සියලු තේරීම් සිදු කෙරෙන්නේ මහේලට ඕනෑ අන්දමට නිසාය.

කෙසේ වෙතත් ප්‍රමෝද්‍ය නම් අනික් දෙදෙනාට වඩා දීමනා ලබන්නට තරම් වාසනාවන්තය. ඔහු කණ්ඩායම සමග නිල තේරුම් නිලධාරි ලෙස ගියත් නිකම් තරග බලන්න ගියත් දිනකට ඩොලර් 700 ක් ලැබීමට තරම් වාසනාවන්තය. ඒ විධායක කමිටු නිලධාරියකුද වන නිසාවෙනි.

මේ අතර ශිරාන් ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, ඉෂාන් ජයරත්න වැනි ක්‍රීඩකයන් තරග ක්‍රීඩා නොකර දිගින් දිගටම සංචාරවල නිරත වූයේත් කමිදු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් සංචාර වලින් කැපී යන්නේත් ඇයිදැයි දන්නා කවුරුන් හෝ සිටියොත් අටපට්ටමට දන්වනවා නියතය.

අප රටේ මාෆියා හැම තැනමය. ක්‍රිකට් තේරීම් වලද ඇත්තේ අමුතුම මාෆියාවකි.
එය දන්නෝ දනිතත් නොදන්නවුන් බොහෝය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර් ඝාතනය – සිද්ධිය වූ අවස්ථාවේ වාහනය ලඟ සිට පලාගිය කෙට්ටු උස පුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණ…

Next Post

රාජ්‍ය සමාගම් 20ක 2021 පාඩුව රුපියල් මිලියන 2865 ක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.