අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර් ඝාතනය – සිද්ධිය වූ අවස්ථාවේ වාහනය ලඟ සිට පලාගිය කෙට්ටු උස පුද්ගලයා හඳුනා ගැනීමට පරීක්ෂණ…

by editor
දෙසැම්බර් 30, 2022
in පුවත්
Dinesh-shafter
Share on FacebookShare on Twitter

ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල පොදු සුසාන භූමිය තුළ ඝාතනයට වූ බවට සැක කරන අවස්ථාවේ දී එම ස්ථානයේ සිට ඉක්මනින් ඉවත් වී ගිය බව කියන පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයා කෙට්ටු උස පුද්ගලයෙක් බවත් මෝටර් රථය අසල සිට සුසාන භූමියේ ආදාහනාගාරය දෙසට ගිය බව තමා දුටු බවත්, සුසාන භූමි සේවකයෙක් විසින් මුල් අවස්ථාවේ දීම ප්‍රකාශයක් ලබා දී තිබිණි. ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ප්‍රකාශ කර තිබුණේ කලිසමක් සහ කමිසයක් ඇඳන් සිටි එම පුද්ගලයා යළි දුටුවහොත් හඳුනාගත හැකි බවය.ෙඑම පුද්ගලයා හඳනා ගැනීමෙන් ෂාෆ්ටර් ඝාතන සිද්ධිය සම්බන්ධව විශාල තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කරගත හැකි වනු ඇතැයි විමර්ශකයෝ විශ්වාසය පලකරති.

දිනේෂ් ෂාෆ්ටර් බොරැල්ල සුසාන භූමියේ අනාථ පෙදෙසෙ ලෙස හඳුන්වන ප්‍රදේශය තුළ අපරාධයට ලක් වී සිටි ආකාරය දැක ඇත්තේ පුද්ගලයින් තුන් දෙනෙක් පමණි.

ඒ ෂාෆ්ටර්ගේ සමීපතමයෙක් බව කියන ක්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමි සේවකයින් දෙදෙනෙකි.

ඔවුන්ගෙන් ලබා ගත් ප්‍රකාශවලින් විමර්ශකයින්ට පෙනී ගොස් ඇත්තේ දිනේෂ් ෂාෆ්ටර්ගේ ඇඟ වටා වයරයක් ඔතා දෑත් කේබල් පටිවලින් සිර කර තිබුණු බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒවා ගැලවීමට උත්සාහ කළත් නොහැකි වූ තැන ඇඟ වටා තිබුණු වයරය පමණක් ඉවත් කර දෑත් එසේම බැඳ තිබියි දී රියදුරු අසුනට යාබද අසුනට ෂාෆ්ටර් දමාගෙන   කොළම ජාතික රෝහලට ඔහු රැගෙන ගිය බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විවිධ මත ඔස්සේ වැඩිදුරටත් මෙම හෙළි නොවූ මරණය සම්බන්ධව වෙහෙසකර විමර්ශන පවත්වාගෙන යන බව සඳහන්ය.

එහිදී දිනේෂ් ෂාෆ්ටර් ගේ  නිවසින් හමුවූ “කේබල් ටයි“ සහ ඔහුගේ සිරුර වටා ඔතා තිබූ වයරයට සමාන ඇන්ටනා වයරය පිළිබඳව ද විශේෂඥ සාක්ෂි මත විමර්ශනය මෙහෙයවමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කර ඇත.

විමර්ශනයේ දී දිනේෂ් ෂාෆ්ටර්ගේ  ගේ ජංගම දුරකථනයෙන් හුවරමාරු වූ දුරකථන පණිවිඩ, වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ පණිවිඩ, ඔහුගේ බිරියගේ සහ නැන්දනියගේ දුරකථනවලින් හුවමාරු වූ පණිවිඩ සහ දුරකථන ඇමතුම් ගැන ද විශේෂ අවධානයක් විමර්ශකයින් යොමු කර ඇතැයි ද විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජීවමානව සිටි ලෝක පාපන්දු පුරාවෘතය පේලේ දිවි සැරියෙන් සමු ගනී….

Next Post

ප්‍රමෝද්‍යත් රූකඩයක්… මහෙලාවතාරය අතින් විසඳීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ඉරණම!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.