ජනවාරි මුල පැවැත්වෙන එක් දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ඉන්දීය සංචාරය සඳහා තෝරා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීම හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ කණ්ඩායමට තව දුරටත් නම් කිරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබේ.
ඇතැම් ජ්‍යේෂ්ඨයන් කණ්ඩායමෙන් කැපී යන්නේ ඇතැම් ජ්‍යේෂ්ඨයන්ගේ වාර්තා අභිබවා යාමට කිට්ටුවෙන් සිටියදී වීමත් කැපී පෙනේ.
ආසියානු කුසලාන තරගාවලියේ සිට මේ දක්වා කරන ලද කිසිදු තේරීමකට පෙර ක්‍රීඩකයන් අතර මෙතෙක් පවත්වාගෙන ආ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීම විශේෂ සිද්ධියකි.
තෝරා ගත් මාධ්‍යවලට පමණක් කතා කරන තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මේ ගැන මුනිවත රැක සිටින්නේ ඔහුට උඩින් කිසිවකු බලපෑම් කරන නිසා බව නියුට්‍රල් අම්පයර් වෙත දැන ගන්නට ලැබී ඇත.
ඒ එක්කෝ මහේල ජයවර්ධනය. නැතිනම් ෂම්මි සිල්වා ප්රමුඛ විධායක සභාවය.
ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස මෑතක් වන තුරු කටයුතු කළ මහේල තවමත් මසකට ඩොලර් 18,000 ක ( රුපියල් ලක්ෂ 65) ක වැටුපක් ලබමින් ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයකු ලෙස කටයුතු කරයි.
ඔහු නොමැති ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගත්තත් ඔහු උපදේශක ලෙස සංචාරය කළ 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියත් අසාර්ථක වූ අතර පුහුණුකරු සිල්වර්වුඩ් හා මහේල ලෝක කුසලාන තරගාවලියේ සිට මේ වනතුරු එකිනෙකාගේ මුහුණ බලන්නේද නැත.
තරග අතර ගනු ලැබූ බොහෝ තීරණ ගන්නා ලද්දේ නායකයාට හෝ පුහුණුකරුටත් සංචාරයේ සිටි තේරීම් කමිටු සභාපතිවරයාටත් අවශ්‍ය පරිදි නොව මහේලට අවශ්‍ය පරිදි බව කියන්නේ ක්‍රීඩකයන්මය.
නායක දසුන්ද පිටියේ කටයුතු කර ඇත්තේ භානුකගේ උපදෙස් වලටය.
ඒ මෑතකදී දසුන් හා භානුක අතර හට ගෙන ඇති අමුතු ජාතියේ මිත්‍රත්වයක් නිසාය.
මේ හේතුවෙන් ඔවුන්ගේ කැපිල්ලට ලක්වූ ක්‍රීඩකයන්ද සිටී.
නායකත්වය අහිමි වුවහොත් කණ්ඩායමේ ස්ථානයද තමන්ට අහිමි වන බව දන්නා දසුන් දැන් වැඩ කරනුයේ ඒ බව වටහාගෙන නිසා කණ්ඩායමේ ක්‍රීඩකයන් බොහෝ දෙනකු රාජකාරිමය අවශ්‍යතාවකට මිස ඔහු සමග කතා බහක යෙදෙන්නේ නැත.
ස්කින්ඩ් ෆෝල්ඩ්ස් කීයක් වුණත් කි.මී. 2 කීයට දිව්වත් භානුක කණ්ඩායමේ රැඳී ඉන්නේ මහේලගේත් දසුන්ගේත් හයියෙන් බව ක්‍රීඩකයෝ දනිති.
වනිදු හසරංග හා කුසල් මෙන්ඩිස්ට උප නායක කම් ලැබෙන්නේද මේ ආකාරයෙන්මය.
දැන් වනිදු තරම් ක්‍රිකට් දන්නා අයකු ලංකාවේම නොමැති තරම් ය.
මේ කරුණු අනුව මාධ්‍ය ඉදිරියේ කොතරම් කයිවාරු ගැහුවත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, කළුවිතාරණ හා හේමන්ත වික්‍රමරත්න යන තේරීම් කමිටු නිලධාරියෝ නිකමුන්ය.
ඒ සියලු තේරීම් සිදු කෙරෙන්නේ මහේලට ඕනෑ අන්දමට නිසාය.
කෙසේ වෙතත් ප්‍රමෝද්‍ය නම් අනික් දෙදෙනාට වඩා දීමනා ලබන්නට තරම් වාසනාවන්තය. ඔහු කණ්ඩායම සමග නිල තේරුම් නිලධාරි ලෙස ගියත් නිකම් තරග බලන්න ගියත් දිනකට ඩොලර් 700 ක් ලැබීමට තරම් වාසනාවන්තය. ඒ විධායක කමිටු නිලධාරියකුද වන නිසාවෙනි.
මේ අතර ශිරාන් ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, ඉෂාන් ජයරත්න වැනි ක්‍රීඩකයන් තරග ක්‍රීඩා නොකර දිගින් දිගටම සංචාරවල නිරත වූයේත් කමිදු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයන් සංචාර වලින් කැපී යන්නේත් ඇයිදැයි දන්නා කවුරුන් හෝ සිටියොත් අටපට්ටමට දන්වනවා නියතය.
අප රටේ මාෆියා හැම තැනමය. ක්‍රිකට් තේරීම් වලද ඇත්තේ අමුතුම මාෆියාවකි.
එය දන්නෝ දනිතත් නොදන්නවුන් බොහෝය.

ජනවාරි මුල පැවැත්වෙන එක් දින තරග තුනකින් හා විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ඉන්දීය සංචාරය සඳහා තෝරා ඇති ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දිනේෂ් චන්දිමාල් ඉවත් කිරීම හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සිට මේ දක්වා ලකුණු අතර නොසිටින භානුක රාජපක්ෂ කණ්ඩායමට තව දුරටත් නම් කිරීම බොහෝ දෙනෙකුගේ විමතියට හේතු වී තිබේ.






