සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිකාර අහන්නේ නෑ… ගොඩවෙල්ලා මහවැලි බී කලාපයේ කුඹුරු වනසයි… අක්කර 60000ක් අවදානමක…

by editor
ජූනි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මෙවර යල කන්නයේ වී වගාව සදහා පැතිරෙමින් පවතින ගොඩවෙල්ලා දළඹුු හානිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මර්දනය කර ඇති බව සඳහන් කළද මේ වනවිට මහවැලි බී කලාපයේ දිඹුලාගල ඇතුළු ප්‍රදේශ රැසක වෙල්යායවල මෙම රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමක් වාර්තා වෙමින් ඇත.

මේ වනවිට දිඹුලාගල, පැළෑටියාව, මගුල්දමන, අරලගංවිල, 503 කලාපයේ, සිංහපුර ඇතුළු ප්‍රදේශ රැසක මෙම ගොඩවෙල්ලා දලඹු හානිය නිසා   මෙවර යල කන්නයේ වගා කරන ලද පැළ ගොයම,   සම්පූර්ණයෙන්   විනාශ  වෙමින් තිබේ.

මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, ඒකක කළමනාකාරවරුන්,   මෙම ගොඩවෙල්ලා දළඹු හානියෙන් වී වගාව බේරා ගන්නා ආකාරය පිළිබඳ තමන් දැනුවත් කළ ද, එම උපදෙස් ප්‍රකාරව   අදාල පළිබෝධ නාශක දියර, තෙල්, වගාවට  යෙදුවද ප්‍රතිඵල රහිත බව  මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ උප ලේකම් සරත් රාජපක්ෂ අප හා  සඳහන් කළේය,

මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ උප ලේකම් සරත් රාජපක්ෂ

එම දලඹු විශේෂය මර්දනය කිරීම සඳහා තමන් අවස්ථා තුනකදී මහවැලි නිලධාරීන් ලබාදුන් උපදෙස් අනුව පළිබෝධ නාශක ඇතුලු බෙහෙත් වර්ග  වගාව සඳහා යෙදුවද මෙතෙක් තම කුඹුරේ එම දළඹුවා මර්දනය වී නැති බව ඔහු පැවසුවේය.

එමෙන්ම 503  කුඹුරු යායේ ගොඩවෙල්ලා දළඹුවා සීඝ්‍රයෙන් පැතිරී යාම නිසා ගොවීන් දැඩි අසීරුතාවට පත්ව සිටි බවද උපලේකම්වරයා කීය,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මහවැලි  නිලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ ගොවිමහතුන් ලියදිවල ජලය ඉවත් කෙරුවද   ගොඩවෙල්ලා දළඹුවා ගොයම් ගසේ මුදුනේ සිට මූල දක්වා කා විනාශ කරන බවද ඔහු පැවසුවේය.

දිඹුලාගල මගුල්දමන ගම්මානයෙ පදිංචි ගොවිමහතෙකු වන ගාමිණී වීරසිංහ   පැවසුවේ තම කුඹුරේ පැය කීපයක් යන්නට කලියෙන් ගොඩවෙල්ලා දළඹුවා විසින්, ගොයම් ගස් සම්පූර්ණයෙන්ම කා විනාශ කර ඇති බවය.

ගොඩවෙල්ලා වැනසූ ගොයම…

මහවැලි බී කලාපය පුරා සීග්‍රයෙන් පැතිර යන ගොඩවෙල්ලා දළඹු හානිය තව තවදුරටත් මර්දනය නොකළොත් මහවැලි  මෙවර යල කන්නයේ වගා කරන ලද අක්කර 60,000 කට ආසන්න වී වගාවක් විනාශ වීමේ අවදානම පවතින බවද ගොවීහු පෙන්වා දෙති.

අප මේ සම්බන්ධව මහවැලි බී කළාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉන්දික රණවිරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු  පැවසුවේ මේ වනවිට මහවැලි බී කලාපයේ සියලු ගොවි සංවිධාන හරහා ගොවීන්  ගොඩවෙල්ලාගෙන් වී වගාවට ඇතිවන හානිය පිළිබඳ දැනුවත් කර, ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

ඇතැම් මහවැලි කොට්ඨාශවල සම්පූර්ණ එම දළඹුවාගේ රෝගය මර්ධදනය කර ගැනීමට ඒ හරහා හැකියාව ලැබී ඇති බවත් ඔහු පැවසුවේය.

මහවැලි සී කලාපයේ පුරා වී වගාවට පැතිරි ගිය ගොඩවෙල්ලා දළඹුවාගේ හානිය ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ සහ කෘෂි කෘෂිකර්ම නිලධාරීන් විසින් ගොවින්ට  ලබාදුන් උපදෙස් අනුව පාලනය කර ගැනීමට හැකියාව ලැබුණු බව  මහවැලි සී කලාපීය  නේවාසික ව්‍යාපාර  කළමනාකාර නොයෙල් ජයසිරි   අප කළ විමසීමකදී සඳහන් කළේය,

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්දුලගෙන් කොන්දොස්තරලා නැති බස්

Next Post

ව්‍යාජ කහකුඩු සහ මිරිස් කුඩු වෙළෙඳපලේ… මිලදි ගැනීමේ දි විමසිලිමත් වන්නැයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.