සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකාශ ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නායකයා සහ පුහුණුකරු ධනුෂ්ක ගුණතිලක සම්බන්ධ විමර්ශන කමිටුව ඉදිරියට

රට නියෝජනය කරන්න ගිය නිසා ආවරණයක් දීලා කළ යුත්ත නිසි පරිදි කරනවා... රජය කියයි!

by editor
නොවැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ස්ත්‍රී දූෂණයකට අදාල චෝදනා මත ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලිස් අත්අඩංගුවේ පසුවන   ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය පිළිබඳව සොයාබැලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවට    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කිස් සිල්වර් වුඩ් සහ දසුන් ශානක කැඳවා තිබේ.

ඒ විශේෂ ප්‍රකාශ ලබා දීම සඳහාය.

එම ත්‍රිපුද්ගල කමිටුව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතිඥ නිරෝෂන පෙරේරා සහ නීතිඥ අසේල රැකව යන අයගෙන් සමන්විතය

එමෙන්ම ධනුෂ්ක ගුණතිලක සම්බන්ධව හැකි සෑම ආකාරයකම සහාය ලබාදීමට කටයුතු කරන බව රජය පවසයි.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ මාධ‍්‍ය අමතමින් මෙසේ ඒ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාවරය මාධ්‍යයට පැහැදිලි කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩකයා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සියලු පාර්ශවයන් සමග සාකච්ඡාවක් පැවැත්වූවා. මේ ප්‍රශ්නයට කොහොමද අමාත්‍යාංශයක් හැටියට මුහුණ දෙන්නේ   කියන එක ගැන එහිදී සාකච්ඡා කෙරුණා. “

“ඉතින් අපි දන්නවා ධනුෂ්ක ගුණතිලක ගියේ ශ්‍රී ලංකා ධජය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න. තාම ඔහු සැකකරුවෙක් පමණයි. එක නිසා අපි තීරණය කරලා තියෙනවා පුළුවන් තරම් එයාට මේ අවස්ථාවේදී නීතිඥ සහායක් ලබාදෙන්න කියලා. ඒකට අපි ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සමග සාකච්ඡා කරලා ඒ නීති ආවරණය දෙන්න තමයි අපි මේ වෙලාවේ කටයුතු කරගෙන යන්නේ. “

“එකක් කියන්න ඕන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට…  අපි මේ වෙලාවේ රටේ ආර්ථික ප්‍රශ්න තියෙද්දිත් මුදල් දුන්නාම ප්‍රථම වගකීම තමයි රට වෙනුවෙන් ක්‍රීඩාවේ නියැලීම. ගියපු ප්‍රථම කාර්යය අපි හොඳට ඉටුකරන්න උත්සාහ ගන්න ඕන. විශේෂයෙන් ම විනය, ඉවසීම, ක්‍රීඩාශීලීත්වය අපි ආරක්ෂා කරගන්න ඕන. ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. මේ විදියේ වැරදි ඉදිරියේදී සිදුනොවෙන්න වගබලා ගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන්න. ”

“තාරුණ්‍යයේ පසුවන අය සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේවල්වලට යොමුවනවා. නමුත් ඒගොල්ලෝ ඒවායේ බරපතළකම දන්නෙත් නෑ. මොකද ලංකාව නියෝජනය කරන්න ගිහිල්ල එහෙම වෙච්ච එක තමයි ලොකුම ප්‍රශ්නය තියෙන්නේ. අපි සියලුම ක්‍රීඩකයින්ගෙන් ඉල්ලා සිටිනවා රටේ කීර්තිනාමය ආරක්ෂා කරගන්න… මොකද මේ වෙලාවේ රටට කීර්තිය අවශ්‍යම වෙලාවක්. ”

“අපිට දැන් විවිධාකාර ආරංචිමාර්ග ලැබෙමින් පවතිනවා ඔස්ට්‍රේලියාවේ වෙච්ච දේවල් ගැන, අපි ඒ ගැන විමර්ශනය කරනවා. ලංකාවේ ප්‍රශ්නයක් වුනාම විවිධාකාර පැමිණිලි ලැබෙනවා. අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ ක්‍රීඩකයා රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙන ක්‍රීඩකයෙක් නිසා අපි මුලින්ම ආවරණය දීලා ඊට පස්සේ අනිත් දේවල් බලාගමු කියන එකයි.”

දෙරණ – 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථානය සහ චීනය සිය දේශපාලනය කාෂ්මීරය හවුල් කර ගැනීමට ඉන්දියාව උරණ වෙයි

Next Post

 සඟවාගෙන සිටි ඩිෆෙන්ඩරයත් එක්කම කුඩු ජාවාරම්කරුගේ පුතා  අත්අඩංගුවට

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.