සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පන්සල අයිතිය සම්බන්ද ගැටුමක දී තරුණ හිමි නමකට තියුණු ආයුධයකින්  කෙටූ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි රක්ෂිත බන්ධනාගාරයට… 

by editor
ජූලි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

  • හිමිවරු දෙනමක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් පහර කා රෝහලේ… සුමිත්ත හිමිගේ අයුධ ප්‍රහාරයට ලක් වු තරුණ හිමිට තරමක් අසාධ්‍යයි…

  • මිගෙට්ටුවත්තේ සුමිත්ත  තවත් හිමිනමක් හා ගිහියෙක් සමග රක්ෂිත බන්ධනාගාරයට…

ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ අයිතිය සම්බන්ධයෙන් සියම් මහා නිකායේ විහාර දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලේදී එක් විහාර පාර්ශවයක භික්ෂූන් වහන්සේලා දෙනමකට මෙන්ම පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධ වලින් පහර දි බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද අනෙක් විහාර පාර්ශවයේ  මිගෙට්ටුවත්තේ සුමිත්ත ඇතුළු  භික්ෂූන් වහන්සේලා දෙනමක් හා සිවිල් පුද්ගලයා 2024 ජූලි 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක  ඊයේ (15) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය කර ප්‍රගතිය වැඩිදුර වාරතාවක් මගින් 19 දින අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා බෙන්තොට පොලීසියට දැනුම් දුන්නේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ දළුව, පුත්තලම, අන්තර් සමුද් පිරිවේනාධිපති,  අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවේ ප්‍රධාන සංඝනායක සහ කල්පිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත (45), ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක සහ කල්පිටිය ශා.බ.ම සභාපති. ඉත්තෑපානේ සුමන (68) යන භික්ෂූන් වහන්සේලා හා අතුරුවැල්ල, ඉදුරුව ලිපිනයේ පදිංචි කුමාරගේ හර්ෂණ (40) යන තිදෙනාය.

පහර දීමෙන් තුවාල ලබා ඇත්තේ වෑවල, හොරණ ඉසිපතනාරාම විහාරවාසී තම්ජන්තැන්නේ හේමානන්ද (17), ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරවාසී සියඔලාපේ අමිතරංෂි (20) යන භික්ෂූන් වහන්සේලා සහ බෙන්තොට පොලීසියේ පොලිස් කොස්තාපල් භාතිය (103225) යන තිදෙනාය. මෙයින් පොලිස් කොස්තාපල්වරයා බෙන්තොට ප්‍රාදේශීය රෝහලේත් භික්ෂූන් වහන්සේලා දෙනම කළුතර නාගොඩ මහ රෝහලේත් ප්‍රතිකාර ලබන බව බෙන්තොට පොලීසිය කියයි. 

මෙයින් එක් භික්ෂූන් වහන්සේ නමකගේ හිසට තියුණු ආයුධයකින් පහරදී තිබෙන බවත් එම භික්ෂූන් වහන්සේගේ තත්ත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. අනෙක් භික්ෂූන් වහන්සේගේ පාදයකට බරපතල හානි සිදුව තිබෙන බවද කළුතර නාගොඩ රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවය විසින් වෑවල හොරණ ඉසිපතනාරාම විහාරවාසී ගල්තුඩුවේ සුනන්ද නැමැති ස්වාමින් වහන්සේ නමකට පවරා දෙන ලදැයි කියන ලිපියක් හේතුවෙන් ගල්තුඩුවේ සුනන්ද හිමියන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා දෙනමත් සමග ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට පසුගිය පෙරේදා (14) සවස පැමිණ තිබේ. 

මෙම විහාරස්ථානය සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයට අයත් බව කියමින් අස්ගිරි පාර්ශවයේ පුත්තලම දිසාවේ සංඝනායක මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් (45), ඉත්තෑපානේ සුමන (68) හිමියන් හා ප්‍රදේශවාසී ගිහි පිරිසක් සමග පෙරේදා (14) සන්ධ්‍යාවේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයට පැමිණ ඇත. 

එහිදී දෙපාර්ශවය අතර ඇති වූ කතා බහක් බහින් බස් වීමක් දක්වා දුරදිග ගොස් මෙම පහර දීම සිදුව තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මෙම පහර දීම පෙරේදා (14) රාත්‍රි 9.30 ට පමණ සිදුව තිබෙන බවද බෙන්තොට පොලීසිය කියයි.

මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් තමාට තියුණු ආයුධයකින් පහර දුන් බවට වෑවල, හොරණ ඉසිපතනාරාම විහාරවාසී තම්ජන්තැන්නේ හේමානන්ද හිමියන් (17) පොලීසියට ප්‍රකාශ කර තිබේ. 

ආරවුල බේරීමට ගිය බෙන්තොට පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා ඇත්තේ හෙල්මට් වලින් හා ගල් මුල් වලින් පහර දීමෙන් බවත් මෙම ආරවුලට 300 ක පමණ පිරිසක් විහාරස්ථානයට පැමිණ සිටි බවත් බෙන්තොට පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. 

ආරවුලට මැදි වූ ඉත්තෑපානේ සුමන (68) හිමියන් හා සියඔලාපේ අමිතරංෂි (20) හිමියන් යන දෙනමම තමන්ගේ විහාරස්ථානය ලෙස ඉදුරුව, අතුරුවැල්ලේ ධර්ම ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය නම් කරන බවද බෙන්තොට පොලීසිය කියයි.

බෙන්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර කාරියවසම්, උප පොලිස් පරීක්ෂක සජිත් ද සිල්වා, පොලිස් කොස්තාපල්වරුන් වන අලගියවන්න (104522), නිපුණ (23285), ගිහාන් (100697), විජේසූරිය (100726) යන නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි. පොලිස් සැරයන් රන්බණ්ඩා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි  බිල අඩුවීමේ වාසිය අද මධ්‍යම රාත්‍රියේ සිට පාරිභෝගිකයින්ට දෙනවා… අපානශාලා හිමියන්ගේ සංගමය කියයි!

Next Post

මඩ ගහන්න එපා… මඩ ගහන උන් හොයාගෙන එනවා… කංජිපානි ගේන්න කිව්වොත් මම ඌව අරන් එන්නේ තනියම… කංජිපානි සමග පාටියට ගියා කියූ ප්‍රංශයට පැන්න අයි.පී දුමින්ද කතා කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.