නේපාලයේ යෝජිත කෙරුං-කත්මණ්ඩු හරස් දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතු වලදි චීන ඉංජිනේරුවන් අභිබවා යෑමට ඉන්දියාව සමත්ව ඇති බවට වාර්තාවේ.
ඒ අනුව චීන ඉංජිනේරුවන් විසින් සිය ශක්‍යතා අධ්‍යනයන් අර්ම්භ කරන විට ඉන්දීය ඉංජිනේරුවන් විසින් ඊට අදාල ශක්‍යතා අධ්‍යනය අවසන් කිරීමටද සමත්ව තිබීම විශේෂත්වයකි.
මේවන විට චීනය සහ ඉන්දියාව විසින් දෙරටේම අසල්වැසියා වන නේපාලය තුල සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සඳහා දැඩි අවාධනයක් යොමුකර ඇති අතර එහිදී චීනය සහ ඉන්දියාව අතර පවතින එදිරිවාදීකම්ද යම් පදනමක් කරගනිමින් නේපාලයට වඩාත්ම පහසු සහ ගුණාත්මක ව්‍යපෘති දියත්කිරීමට ඉන්දියාව පියවරගෙන ඇති බවට වාර්තාවේ.
මේ අතර දෙසැම්බර් මස අගදී, යෝජිත නේපාල-චීන දේශසීමා දුම්රිය මාර්ගය පිළිබඳ සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා චීන දුම්රිය ප්‍රථම සමීක්ෂණ සහ සැලසුම් ආයතන සමූහය නියෝජනය කරන හය දෙනෙකුගෙන් යුත් චීන කණ්ඩායමක් නේපාලයට ගියේය. කොරෝනා වෛරසය ලෝකය පුරා පැතිරයාමත් සමඟ චීන තාක්ෂණික කණ්ඩායම ශක්‍යතා අධ්‍යයනයක් සඳහා නේපාලයට ගිය පළමු අවස්ථාව එය විය.







