සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුසුදුසු ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරලා…  ශාන්ත පීතර විද්‍යාලයට රග්බි තහනමක්…

මේක ඒක පාර්ශ්වික තීරණයක්.... ඊට එරෙහිව ගත හැකි හැම පියවරක්ම ගන්නවා...

by editor
අගෝස්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • මේ වසරේ අන්තර් පාසල් ජයග්‍රහණ සියල්ල අවලංගුයි… ශ්‍රේණිගත කිරීමේ ඛාණ්ඩයක් පහළට… හෙට ඇරඹෙන අන්තර් පාසල්  පිලිමලුන් පිටු දැකීමේ තරගාවලියෙනුත් ඉවත් කරලා…

ලබන වසරේදී පැවැත්වෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පළමු කොටසේ A කාණ්ඩයේ සිට දෙවැනි කොටසේ A කාණ්ඩය දක්වා පහත හෙළීමටත් නිමා වු අන්තර් පාසල් ලීග් තරගාවලියේදී ලබාගත් ලකුණු සහ ජයග්‍රහණයන් අවලංගු කරන්නටත් ශ්‍රී  ලංකා පාසල් රග්බි සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඒ මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමග පැවැති තරගයේදී සාන්ත පීතර කණ්ඩායමට නුසුදුසු ක්‍රීඩකයකු ක්‍රීඩා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කළ විනය කමිටුවේ වාර්තාව එළි දක්වමින් ශාන්ත පීතර විදුල  මෙම දණ්ඩනයට යටත් කර ඇත.

එම විනය කමිටු වාර්තාවට අනුව    ඊයේ ආරම්භ වු අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීමත් සාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායමට තහනම් කර ඇත.

කණ්ඩායම් භාර ආචාර්යවයාට වසරක කාලයක් සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායම භාර ගැනීම තහනම් කිරීමටත්  පාසල් රග්බි සම්මේලනය සංවිධාන කරනු ලබන තරගාවලිවල දී ඔහුගේ සහභාගීවය වසරකින් අත් හිටුවන්නටත් උක්ත කමිටු වාර්තාවෙන්  නියම කර ඇත..

සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට   විනයානුකූලව කටයුතු කිරීමටත් මෙම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් මෙම විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාන්ත පීතර විද්‍යාලීය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ චෝදනා එල්ල වන ක්‍රීඩකයා දැනටමත් පාසලේ අ.පො.ස උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටින බවය

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2021 වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා නිකුත් කරනු ලැබු චක්‍ර ලේඛයට අනුව අදාළ සිසුවාට උසස්පෙළ හදාරන්නට අවස්ථාව හිමි වී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

එසේ තිබියදී, මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට   කිසිදු අවස්ථාවක් සාන්ත පීතර විද්‍යාලීය වෙත නොදී     අන්තර් පාසල් පිලිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ ආරම්භයට දිනකට පෙර, එනම් මෙම මස 26 වැනිදා Email පණිවිඩයක් යොමු කරමින් සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායමට එම තරගාවලියට එක්විය නොහැකිබව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් දැනුම් දීම විස්මයට කරුණක් බව  ද එම නිවේදනයේ කියයි.

වසර 90ක් පුරා කිසිදු රග්බි විනය කඩකිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවු තම විද්‍යාලයට මෙලෙසින් පාසල් රග්බි තහංචි පැනවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පතිවරයා දන්වා ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස්පෙළ ප්‍රතිඵල නිකුත්වේ!

Next Post

මහාමාන්‍ය ප්‍රතාපාධිකේශ්වර ශවේන්ද්‍ර සිල්වා !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.