-
මේ වසරේ අන්තර් පාසල් ජයග්‍රහණ සියල්ල අවලංගුයි… ශ්‍රේණිගත කිරීමේ ඛාණ්ඩයක් පහළට… හෙට ඇරඹෙන අන්තර් පාසල් පිලිමලුන් පිටු දැකීමේ තරගාවලියෙනුත් ඉවත් කරලා…
ලබන වසරේදී පැවැත්වෙන අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේදී බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය පළමු කොටසේ A කාණ්ඩයේ සිට දෙවැනි කොටසේ A කාණ්ඩය දක්වා පහත හෙළීමටත් නිමා වු අන්තර් පාසල් ලීග් තරගාවලියේදී ලබාගත් ලකුණු සහ ජයග්‍රහණයන් අවලංගු කරන්නටත් ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය සහ අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ඒ මෙවර පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර ධර්මරාජ විද්‍යාලය සමග පැවැති තරගයේදී සාන්ත පීතර කණ්ඩායමට නුසුදුසු ක්‍රීඩකයකු ක්‍රීඩා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පත් කළ විනය කමිටුවේ වාර්තාව එළි දක්වමින් ශාන්ත පීතර විදුල මෙම දණ්ඩනයට යටත් කර ඇත.
එම විනය කමිටු වාර්තාවට අනුව ඊයේ ආරම්භ වු අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියට ක්‍රීඩා කිරීමත් සාන්ත පීතර විද්‍යාලීය කණ්ඩායමට තහනම් කර ඇත.
කණ්ඩායම් භාර ආචාර්යවයාට වසරක කාලයක් සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායම භාර ගැනීම තහනම් කිරීමටත් පාසල් රග්බි සම්මේලනය සංවිධාන කරනු ලබන තරගාවලිවල දී ඔහුගේ සහභාගීවය වසරකින් අත් හිටුවන්නටත් උක්ත කමිටු වාර්තාවෙන් නියම කර ඇත..
සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට විනයානුකූලව කටයුතු කිරීමටත් මෙම කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
කෙසේ වෙතත් මෙම විනය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාන්ත පීතර විද්‍යාලීය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ චෝදනා එල්ල වන ක්‍රීඩකයා දැනටමත් පාසලේ අ.පො.ස උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටින බවය
අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2021 වසරේ සැප්තැම්බර් මස 28 වැනිදා නිකුත් කරනු ලැබු චක්‍ර ලේඛයට අනුව අදාළ සිසුවාට උසස්පෙළ හදාරන්නට අවස්ථාව හිමි වී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.
එසේ තිබියදී, මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කිසිදු අවස්ථාවක් සාන්ත පීතර විද්‍යාලීය වෙත නොදී අන්තර් පාසල් පිලිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ ආරම්භයට දිනකට පෙර, එනම් මෙම මස 26 වැනිදා Email පණිවිඩයක් යොමු කරමින් සාන්ත පීතර විද්‍යාලීය රග්බි කණ්ඩායමට එම තරගාවලියට එක්විය නොහැකිබව ශ්‍රී ලංකා පාසල් රග්බි සම්මේලනය විසින් දැනුම් දීම විස්මයට කරුණක් බව ද එම නිවේදනයේ කියයි.
වසර 90ක් පුරා කිසිදු රග්බි විනය කඩකිරීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල නොවු තම විද්‍යාලයට මෙලෙසින් පාසල් රග්බි තහංචි පැනවීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සාන්ත පීතර විද්‍යාලයේ විදුහල්පතිවරයා දන්වා ඇත.







