ඊයේ (23) දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ දිනුක පුතා බහුදින ධීවර යාත්‍රාවේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 21කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝග්‍රෑම් 172ක් සොයාගෙන ඇති බව නාවික හමුදාව පැවසුවේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රු කෝටි 200කට ආසන්න බවය.
ගන්දර ප්‍රදේශයෙන් පසුගිය 09වනදා ධීවරයින් 05 දෙනෙකු සමග මුහුදු ගිය අදාළ ධීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටිය දී ඊයේ (23) දිනයේ නාවික හමුදා භාරයට ගෙන තිබුණි.
අද උදෑසන 6ට පමණ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ අදාළ ධීවර යාත්‍රාව පරීක්ෂා කිරීමේ දී කිලෝ ග්‍රෑම් 193ක් වූ අයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සහිත මලු 11ක් සොයාගෙන තිබිණි.
සැකකරුවන් 05 දෙනා සහ මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගෙන ඉදිරි විමර්ශන ආරම්භ කර තිබේ. මෙම අවස්ථාවේ දී දික්ඕවිට වරාය වෙත ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, නාවික හමුදාපති කාංචන බාණගොඩ, සහ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධ වී සිටියේය. මෙම අවස්ථාවේ දී මාධ්‍ය ඇමතූ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා පැවසුවේ මෙම මෙහෙයුම දින ගණනාවක් තිස්සේ කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් බවය.
එහිදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා මසේ ද පැවසුවේය.
දින ගණනාවක් තිස්සේ කරන ලද මෙහෙයුමක ප්‍රතිඵලයක්. නාවික හමුදාවේ දිගු දුර මෙහෙයුම් අංශය අණ දෙන නිලධාරීයා ඇතුළු මෙම මෙහෙයුමට සම්බන්ධ වුන සියලුම වීරෝධාර නිලධාරින්, සෙසු නිලයන්ට ගරු ජනාධිපති තුමා වෙනුවෙන් කරන ලද මේ විශාල මෙහෙවරට ගෞරවය ස්තුතිය පුද කරනවා.
මේක විශේෂ සැලසුම් සහතගතව කරන ලද මෙහෙයුමක්. ඊට නාවික හමුදාව, නාවික හමුදා බුද්ධි අංශය, රාජ්‍ය බුද්ධි අංශය, ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය, පොලිසිය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සියලු දෙනා එක් වී කළ සැලසුම් සහගත මෙහෙයුමක ප්‍රතිඵලයක් තමයි අද අපි මේ දකින්නේ.
මෙතන තියනවා කෝටි 200කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක්.
මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්න ජාවාරම්කරුවන්ට, ඒවාට සම්බන්ධ වෙලා ඉන්න, ඒවට අනුබල දෙන අත් උදවු දෙන කිසිම කෙනෙකුට පැනලා යන්න විදිහක් නෑ. අපේ රටම එකට ජාතික මෙහෙයුම අපේ කාරණාව තමයි ඉවත් වෙනු කියන එක. අපි කියන්නේ මේකෙන් ඉවත් වෙන්න කියලා. අපි එය දිගටම කියනවා. මේක අපි දිගටමත් කරනවා.
ඒ නිසා කරුණාරකලා මේ ජාවාරම්වලට ම්බන්ධ වෙන්න එපා. ජාතික ආපදා තත්ත්වයේ සහන සැලසීම් අතර වුවද අපි ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියන එක කිව යුතුයි.”







