රාගම පහළවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක නවතා තිබූ මෝටර් රථයක තිබී ටී 56 ගිනි අවි දෙකක් සහ පතොරොම් ගැබ් දෙකක් සොයාගෙන තිබේ.
කඩවත පොලිසියට ලද තොරතුරක් මත නවතා තිබූ මෝටර් රථය පරීක්ෂා කරද්දී මෙම ගිනි අවිය සහ පතොරොම් ගැබ් දෙක හමුවී ඇති බවය. පොලිසිය ප්‍රකාශ කරන්නේ මෝටර් රථය එම ස්ථානයේ අත්හැර දමා සැකකරුවන් පලා ගොස් ඇතැයි නිරීක්ෂණය වූ බවය.
මෝටර් රථයේ සවි කර ඇත්තේ ව්‍යාජ අංක තහඩු බවද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකය.





