මාර්ග බලපත්‍ර තිබෙන බස්රථ යොදා ගනිමින් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසලින් ප.ව. 4.15 ගාල්ල, මහනුවර , රත්නපුර,කුරුණෑගල සහ හලාවත යන ප්‍රධාන නගර පහට විශේෂ කාර්යාල ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
කොවිඩ් වසංගතය පාලනය වීමත් පළාත් සංචරණ සීමා ඉවත් කිරිමත් සමග රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැකියා සඳහා පැමිණෙන සේවකයින්ගේ පහසුවට මෙම කාර්යාල ප්‍රවාහන සේවාව ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන විශාල ප්‍රමාණයක් නාරාහේන්පිට නගරයේ පිහිටා තිබීම හේතුවෙන් විශාල පිරිසක් දෛනිකව නාරාහේන්පිට නගරය පැමිණෙන බැවින් ප්‍රථම පියවර ලෙස මෙම කාර්යාල ප්‍රවාහන සේවාව නාරාහේන්පිට සිට ආරම්භ කිරීමට තීරණ කර ඇත.
මෙහි දෙවන පියවර රාජ්‍ය හා පෞද්ගලික ආයතන සැලකිය යුතු සංඛ්‍යාවක් පිහිටා තිබෙන බත්තරමුල්ල සහ පැළවත්ත යන නගරවලින්ද ඉදිරි දිනවලදී ප්‍රධාන නගර කීපයකම මෙවැනි සේවාවන් ආරම්භ කිරිමට සැළසුම් කර ඇති බව ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කරයි.







