විගණකාධිපති ලෙස එල්.එස් අයි ජයරත්නගේ නම අනුමත කිරීමට ව්‍යවස්ථා සභාව අද (03) ඒකමතිකව අනුමත කර ඇත.
ජනාධිපතිවරයා විසින් එවන ලද මෙම යෝජනාව නම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ ව්‍යවස්ථා සභාව මෙසේ අනුමත කර ඇත. ඇය රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරියක වශයෙන් කටයුතු කළ අතර පසුගිය ව්‍යවස්ථා සභාවකදී ඇයගේ නම ප්‍රතික්ෂේප විණි. කෙසේ වුවද ව්‍යවස්ථා සභාවට නව සිවිල් සමාජිකයන් තිදෙනකු පත් කිරීමෙන් පසුව රැස්වූ ව්‍යවස්ථා සභාවේදී එම යෝජනාවට අනුමැතිය හිමිවිය. .
විගණකාධිපතිවරයකු නැතිව වසරකට ආසන්න කාලයක් ගතවූ අතර මෙයට පෙර ඒ සඳහා නිර්දේශිත නම් හතරක්ම ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප විය.







