සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෙයින් ලියා දෙන්න ගිය සජිත්ට වෙච්චි දේ… අපිව දේශපාලනිකව පාවිච්චි කරන්න හදන අයට පාවිච්චි වෙන්න අපට අදහසක් නෑ සර්… පාසල් සංවර්ධන නිලධාරීහු ජනපතිට කියති!

ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා විභාගයට පෙනී සිටින බවට එකඟ වි පාසල් සංවර්ධන නිලධාරීහු මාරාන්තික උපවාසය අත්හරිති...

by editor
පෙබරවාරි 3, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනය අනුව පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර හමුවක් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පවතින ගැටලුවලට වගකිව යුත්තේ වත්මන් ආණ්ඩුව හෝ තමන් නොවුවද වෘත්තිකයන් ලෙස වර්තමානය වන විට තමන් වෘත්තීමය සහ සමාජයීය ගැටලු රැසකට මුහුණදී සිටින බව මෙහිදී එම නියෝජිතයෝ සඳහන් කළහ.

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව මෙහිදී දීර්ඝ සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා එම සියලු දෙනාගේ වෘත්තිය අභිමානය සහ ගරුත්වය ආරක්ෂා කිරීම රජයේ අරමුණ බව සඳහන් කළේය.

පාසල් තුළ සේවය කර අත්දැකීම් ඇති උපාධිධාරීන් ගුරු සේවයට ඇතුළත් කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, එබැවින් ගුරු ව්‍යවස්ථාවට අනුව විභාගයට පෙනී සිටින ලෙස තමා ඔවුන්ට ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සංවාදය ගොඩනැගුනේ අතිශයින්ම මානුෂික මුහුණුවරකිනි. විසි තුන් දහසකට වැඩි ගුරුවරු ප්‍රමාණයක් බඳවා ගැනීම, ඉන් වැඩි ප්‍රතිශතයක් අභ්‍යන්තර අපේක්ෂකයන්ගෙන් බඳවා ගැනීම, පාසල් සංවර්ධන නිලධාරීන් පාසල්වලින් බැහැර නොකර පාසල් තුළම රඳවා ගැනීම, විභාගය අසමත් වුවත් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝම සමත් වී ගුරු සේවයට බැඳීමට අවස්ථාව සලසාදීම, ගුරු සංවර්ධන නිලධාරීන්ගෙන් ග්‍රාමීය පාසල් පවත්වා ගැනීමට සිදුවූ සේවය පිළිගෙන එය අගයමින් සාකච්ඡාව පරිණත ආකාරයෙන් පවත්වාගෙන යෑම මේ අවස්ථාවේ දී කැපී පෙනුණි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජනාධිපතිවරයා පැහැදිලිව කීවේ හෙට කැබිනට් තීන්දුවක් රැගෙන ගුරු සංවර්ධන නිලධාරීන් ගුරු වෘත්තියට ඇතුළත් කරගත හැකි නමුත් ඉන් අනතුරුව එන ප්‍රායෝගික තත්ත්වය සංකීර්ණ නඩු කටයුත්තක් බවය. ඉන් ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවත් එහි අවසානය තවත් ව්‍යාකූල තත්ත්වයක් බවත් ජනාධිපතිවරයා නිරවුල්ව පැහැදිලි කර දුන්නේය.

“ඒක කරන්න බෑනේ මල්ලි… අනවශ්‍ය නඩු ගොඩක පැටලෙනවා අපි එතකොට…” ගුරු සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම්

අවසානයේ දී විපක්ෂ නායකවරයාගෙන් ඔහුගේ රජයක් යටතේ ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙනවාදැයි අසා විපක්ෂ නායකවරයාගෙන් ලෙයින් සහතික ගත් එම සමස්ථ ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විරාජ් මනරංග ජනාධිපතිවරයාට මෙසේ පැවසුවේය.

අනික සර් දේශපාලන වාසි ගන්න මේ ප්‍රශ්නය පාවිච්චි කරන අය ඉන්නවනේ සර්. මේ ප්‍රශ්නය එහෙම කරන්න හදනවා. අපිට එහෙම කිසිම අවශ්‍යතාවයක් නෑ සර්… විරාජ් මනුරංග ජනාධිපතිවරයාට කීවේ.

ජනාධිපතිවරයා සිනාසුනේය. ” ඒක අපි කිසිසේත් සැලකිල්ලට ගන්නේ නෑ. එහෙම තමයි දේශපාලනය. එනවා යනවා. ඒවා එහෙම තමයි…”

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව විගණකාධිපතිනිය  එල්.එස්.අයි ජයරත්න –  ව්‍යවස්ථා සභාව අනුමත කරයි

Next Post

මචං දසුන්… ක්‍රිකට් ගැන කරදර නොවි දැන් ඔය පටන් ගත්තු විදිහටම ගුරුකං අතේ වැඩ ටිකක්වත් කරලා බලපං!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.