බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දු සහ ටිරාන් එකතුවෙලා ගහපු ගේමක් ගැන වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හෙළි කරයි…

by editor
ජූනි 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමට ගිය අපරාධ ගමනේ දී පොලිස් වෙඩි පහරින් මිය ගිය සැරයන්වරයාට ක්‍රම පටිපාටියෙන් පිටින් උසස්වීම් ප්‍රදානයත්, ජනතා මුදලින් රුපියල් ලක්ෂ 40ක අනීතික වන්දියක් ගෙවීමත් සිදුවන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ එවකට මහජන ආරක්ෂක ඇමතිවරයා වූ ටිරාන් අලස්ගේ ඒකාබද්ධ මෙහෙයුමකින් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද පැවසුවේය.

ඔහු මෙම හෙළිදරවු කිරීම සිදුකළේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමට අදාල යෝජනාවේ ඇතුළත් චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

එහිදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අපරාධ චෝදනා නැගෙන වැලිගම ඩබ්ලියු 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්දිය පිළිබඳව කමිටුවේ ප්‍රශ්නකිරීම් හමුවේ වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය.

සභාපති විනිසුරු – වැලිගම වෙඩි තැබීම ගැන ඔබතුමන්ගේ විමර්ශනවල ප්‍රගතිය මොකක් ද?

වැඩ බලන පොලිස්පති – ස්වාමීනි. මේ සිද්ධිය ගැන පරීක්ෂණ දෙකක් යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බැලුවට පස්සේ තමයි ඒ 7 දෙනාම සැකකරුවන් විදිහට නම් කෙරුණේ. මේ සිද්ධියට පස්සේ පොලිසිය පිළිබදව ජනතාව මත තිබුණ විශ්වාසය නැති වුණා.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මේ වගේ සිද්ධියක් ඇතිවීම හොඳ නෑ. ඇත්තටම මේ ගැන කලින් දැනුම්වත් කරලා එතෙන්ට යන්න තිබුණා. ඇත්තටම ඒ අය පොලිසිය කියලා තහවුරු කරගන්න තිබුණා. හොර පාරෙන් ආපු නිසා තමයි ඒ අය පලා යන්න උත්සාහ කළේ.

බොරු තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුවට දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – මේ සිද්ධිය ගැන ඔබතුමා මොකක් ද කරලා තියෙන්නේ.

වැඩබලන පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බලනවා. සමහර සාක්ෂි මේ අය නැති කරලා තියනවා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට දන්වලා තියනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – මිය ගිය සැරයන්වරයාට අනීතිකි විදිහට උසස්වීම් ලබා දීලා තියනවා. ඒක නිවැරදි කරන්න ඕන නේද?

වැඩ බලන පොලිස්පති – ඔව් ස්වාමීනි. ඒ පිළිබඳව විමර්ශන සිදුකරනවා. එය අවසන් වුනාම ඒ ගැන තීරණය ගන්න පුලුවන්.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – එතකොට ජනාධිපති අරමුදලින් එතුමාට ලක්ෂ 25ක් ලබා දීලා තියනවා. ඒ ගැන ඔබතුමා දැනුම්වත් ද?

වැඩ බලන පොලිස්පති – ඔව් ස්වාමීනි… ඒ පිළිබඳව අපි සොයනවා.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඒ කාලයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට කටයුතු කළේ ටිරාන් අලස් මහතා. මියගිය සැරයන්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඇමති තුමා දැනුම්වත් නැද්ද?
සම්පූර්ණයෙන්ම ලක්ෂ 40ක් රජයේ මුදල් එතුමාට ලබාදීලා තියනවා.

වැඩ බලන පොලිස්පති – මේ පිළිබඳව ඇමති තුමත් දන්නවා. එතුමා මේකට ඍජුව මැදිහත් වෙලා තියනවා. මේ පරීක්ෂණය අවසන් වෙනකම් ඒ මුදල් ගන්න පුලුවන්කමක් නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඇමතිතුමා කොහොමද මේක දන්නේ.

වැඩ බලන පොලිස්පති – පොලිස්පති තුමයි ඇමතිතුමයි දෙන්නම එකතු වෙලා කරපු මෙහෙයුමක් තමයි මේක

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – ඒ අනුව ද අර ඒකාබද්ධ මාධ්‍ය හමුව පැවැත්තුවේ.

වැඩ බලන පොලිස්පති – ඔව් ගරු ස්වාමීනී

කමිටුව හෙට යළි රැස්වීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කමේනි ඉන්න තැන දන්නවා… දැනට ඔහුව මරා දැමීමේ අවශ්‍යතාවයක් නෑ… ට්‍රම්ප් කියයි!

Next Post

කොළඹ නගර සභාවේ නගරාධිපති සහ උප නගරාධිපතිගේ නම් ගැසට් කරයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.