ලලිත් චාමින්ද –
කොළඹ මහනගර සභාවේ නගරාධිපති ලෙස ව්‍රායි කැලී බල්තසාර්ගේ නම සහ නියෝජ්‍ය නගරාධිපති ලෙස රත්නායක විරකෝන් හේමන්ත කුමා ගේ නම් බස්නාහිර පළාත් පළාත් පාලන කොමසාරිස් සාරංගිකා කල්හාරි ජයසුන්දර විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කොට ඇත.
2012 අංක 22 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් ( සංශෝධන) පනතින් සංශෝධිත පළාත් පාලන ඡන්ද විමසිම් ආඥාපනතේ 66 ඈ (1) වගන්තිය යටතේ සඳහන් විධිවිධාන අනුව මෙම පත්කිරිම සිදුකොට ඇත.








