රාජකාරි අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් අප්‍රේල් 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මෙහේස්ත්‍රාත් අධිකණය අද නියෝග කළේය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස්පතිවරයා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
2023 වර්ෂයේ සිදුවූ කුප්‍රකට W15 හෝටලයට වෙඩි තැබීමට ගොස් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය පිළිබඳව නඩුවට අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම මත දුටු තැන අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නික්තු කළ පසු දින 21 සැඟවී සිටි දේශබන්දු තෙන්නකෝන් පසුගිය 19 වැනිදා මෝසමක් ඉදිරිපත් කරමින් මාතර අධිකරණයට භාර වුනේය.
එහිදී ඔහු අත් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළ අතර පොලිස්පතිවරයා දුම්බර බන්ධනාගාරයේ රඳවනු ලැබුවේය.







