දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.
වැඩ තහනමට ලක් වූ පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහේස්ත්‍රාත් අධිකරණය පෙබරවාරි 28 වන දින වරෙන්තුවක් නිකුත් කරන ලදී. එදා සිට අද දක්වා දින 12ක් තිස්සේ ඔහු සැඟවී සිටී.
2023 දෙසැම්බර් 31 වන දින මාතර පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලට අදාළව වරෙන්තුවක් නිකුත් කර ඇත.
අධිකරණ වරෙන්තුව සහ විවෘත වරෙන්තුවේ වෙනස
1. අධිකරණ වරෙන්තුව (Judicial Warrant)
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව (Arrest Warrant) පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කෙරෙන අධිකරණ නියෝගයකි. පුද්ගලයා අපරාධයක් සිදු කළ බවට ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි සැලකෙන විට නිකුත් කරයි. පොලිසියට එම පුද්ගලයා හොයාගෙන අධිකරණය වෙත රැගෙන යාමට බලතල ලබාදෙයි.
පරික්ෂා කිරීමේ වරෙන්තුව (Search Warrant) යනු නිවසක්, වාහනයක් හෝ වෙනත් ස්ථානයක් පරීක්ෂා කිරීමට අධිකරණය ලබාදෙන නියෝගයකි. සාමාන්‍යයෙන් අපරාධ විමර්ශන වලදී භාවිත වේ. පරික්ෂාව සිදු කළ හැක්කේ වරෙන්තුවේ සඳහන් විටෙක සහ සීමාවන් තුළ පමණි.
2. විවෘත වරෙන්තුව (Open Warrant) –
විවෘත වරෙන්තුව යනු සීමාවකින් තොරව ක්‍රියාත්මක විය හැකි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකි. මෙය නිකුත් වන්නේ පුද්ගලයෙකු පලා ගිය හෝ අධිකරණ නියෝගයන් නොමද ව අතහැර දැමූ විටය. විවෘත වරෙන්තුවක් නිකුත් කළ විට පොලිසියට එම පුද්ගලයා කිසිඳු වේලාවක් හෝ ස්ථානයක් ගැන සීමාවකින් තොරව අත්අඩංගුවට ගැනීමට බලය ලැබේ.
මෙය නිරන්තරයෙන් ක්‍රියාත්මක වන අතර, පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තුරු වලංගු වේ







