දේශපාලනය යනු තමන් කිසිසේත්ම කැමතිනැති ක්ෂේත්‍රයක් බවත් මේ ක්ෂේත්‍රයේ වැඩි කාලයක් රැඳී සිටීමට තමා බලාපොරොත්තු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා ඊයේ (29) මාධ්‍ය ඉදිරියේ පැවසුවේය.
ඒ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් අර්චුනා අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැරිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“මම දේශපාලනයට ඇත්තටම කැමති නෑ. අවුරුදු 38ක් මම කවදාවත් ඡන්දේ දීලා නෑ. දැන් ඇත්තටම ආවේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා වැඩිදුරටක් ඉන්නේ නෑ. දේශපාලනය මම කැමතිම නැති කේෂ්ත්‍රයක්. හැබැයි ඉන්න කාලයක් මම කෙලින් ඉන්නවා.” මන්ත්‍රීවරයා පැවසුවේය.







