ශ්‍රියානි විජේසිංහ –
රුධිරගත පිළිකා රෝගීන් 1000ට ප්‍රතිකාර කිරීම සඳහා ඇත්තේ එක් වෛද්‍යවරයෙක් පමණක් බව වාර්තාවේ.
වසරක රුධිරගත පිළිකා රෝගීන් 4000ක් පමණ හමුවන අතර ප්‍රතිකාර කිරිමට ඇත්තේ වෛද්‍යවරුන් 4 දෙනෙකු වන අතර මින් වෛද්‍යවරුන් 3 දෙනෙකුම මහරගම අපේක්ෂා රෝහලේ රැදී සිටින අතර එක් වෛද්‍යවරයෙක් පමණක් මහනුවර මහ රෝහල තුල සේවයේ නියුතුව ඇතැයි රුධිරගත පිළිකා රෝග සම්බන්ධ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන පවසා සිටියි.
රුධිරගත පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් 9 දෙනෙකුම විදේශ ගතව සිටීම හේතුවෙන් මෙම තත්තවය තවත් උඝ්ර වී ඇතැයි වෛද්‍ය සෝමර්ධන මහතා අවදාරනය කරයි.
වසරකට 1000ට වැඩි සංඛ්‍යාවක් දරුවන් අලුතින් පිලිකාවට ගොදුරුවෙන අතර ඉන් වැඩි ප්‍රමාණයක් රුධිරගත පිළිකා රෝගීන් යැයිද හෙතෙම පෙන්වාදේ.
රුධිගත පිළිකා රෝගීන් වෙනුවෙන් මහරගම අපේක්ෂා රෝහල තුළ මේ වන විට ඇටමිදුලු බද්ධ කිරීම් 300කට වඩා වැඩි ප්‍රමාණයක් කර ඇති බවත් මෙය මීට වඩා දෙගුණයක ශක්‍යතාවකින් කළ හැකි නමුත් අවශ්‍ය මානව හා භෞතික සම්පත් සීමිත බැවින් කළ නොහැකි බවත් හෙතෙම කීය.
ස්වයං ඇටමිදුළු බද්ධයක් සදහා රජය මිලයන 2ට වඩා අධිකව එක් රෝගියෙකු වෙනුවෙන් වැය කරන අතර දායකය ඇටමුදුලු බද්ධයක් සදහා මිලියන 5ක අධික බරපැනක් රජය දරන බවද වෛද්‍ය සෝමවර්ධන පැවසුවේය.
විදේශගතව ඇටමිදුළු බද්ධ කිරීම් වෙනුවෙන් එක් රෝගියෙකු මිලියන 10ට වඩා වැය කරන බැවින් මෙරට පහසුකම් වැඩිකල හැකි නම් විදේශ රටවල් වෙත ඇදී යන විනිමය මෙරට නතර කර ගැනීමට හැකි වන බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කලේ ඊයේ (29) සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සම්මන්ත්‍රණයකදීය







