මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන දෙමටගොඩ රුවන් සහ ඔහුගේ සොයුරා වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතතනය සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියමව සිටින දෙමටගොඩ චමින්ද නැමැති අය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන රුපියල් ලක්ෂ 800 ක් පමණ වටිනා තවත් අධි සුඛෝගභෝගී වාහන හතරක් රහස් පොලීසියේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසයේ කණ්ඩායමක් විසින් පොලිස් භාරයට ගනු ලැබීය.
ඒ මීට පෙර පසුගිය 29 දා දෙමටගොඩ රුවන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් මිලදී ගත් බව කියන කෝටි 20ක පමණ වටිනාකමක් ඇති අධි සුඛෝපභෝගී වාහන 06ට අමතරවය.
ඉහත වාහන 04න් දෙමටගොඩ රුවන් නැමැත්තා විසින් මිලදී ගෙන තිබූ බව කියන ලෑන්ඩ් රෝවර් රථයක් සහ වෙසල් වර්ගයේ මෝටර් රථයක්ද දෙමටගොඩ චමින්ද නැමැත්තා ඔහුගේ බිරියගේ නමින් මිලදී ගෙන ඇති බව කියන ලෑන්ඩ් කෘෂර් රථයක් සහ බී. එම් ඩබ්ලිව් රථයක් ද මෙසේ පොලිස් බාරයට ගෙන තිබේ.
-ලංකාදීප –







