ප්‍රකෝටිපතියන්ගේ සැඟවුණු වත්කම් හෙළි කළ පැන්ඩෝරා පත්‍රිකාවලින් අනාවරණ වූ කරුණු පිළිබඳව බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.
රංජන් රාමනායක විසින් කළ ඉල්ලීමකට අනුව මෙම කටඋත්තරය ගැනීමට තීරණය කර තිබේ.
ඒ අනුව ඔහු ඉදිරි දිනක කොමිසම හමුවට කැඳවීමට නියමිත බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කර සිටියේය.
එමෙන්ම පැන්ඩෝරා වාර්තාවේ නම සඳහන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සම්බන්ධයෙන් කළ විමර්ශනවලට අදාළ අතුරු වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇතැයි ද එම විමර්ශන තවදුරටත් සිදු කරන බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලේකම් අප්සරා කල්දේරා සඳහන් කළාය.
තිරුකුමාර නඩේසන් ගේ බැංකු කටයුතු සහ රාජ්‍ය ආයතන මගින් ලබා ගත් ලියිකියවිලි විමර්ශන කණ්ඩායම් අධ්‍යනය කරමින් ඇති බව ද ඇය කීවාය.
නිවුස්වයර්-