දුමින්ද දිසානායක ජුනි මස 05 වැනිදා තෙක් යළි බන්ධනාගාරගත කළේය. දුමින්ද සමග ඔහු වෙනුවෙන් ඔහුගේ රන් පැහැති ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනා ද ජුනි 05 දක්වා දැන් බන්ධනාගාරයේය.
දුමින්ද දිසානායක ගේ නීතිඥවරයා ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්ය. සම්පත් මෙන්ඩිස් අද අධිකරණයේ දී සිය සේවා දායකයා වෙනුවෙන් විශාල කතාවක් කීවේය.
ජනාධිපති නීතිඥවරයාට අනුව දුමින්ද දිසානායක ළමා කාලය ගත කරන්නේ එල්ටීටීඊ ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවන අනුරාධපුර දිස්ත්රික්කයේය. ඔහුගේ පියා බර්ටි ප්‍රේමලාල් දිසානායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, කැබිනට් අමාත්‍යවරයෙක් සහ උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති වරයෙකි.
පියාට සහ පවුලේ උදවියට ආරක්ෂාවට පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන්, සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදා තිබුණු බව ජනාධිපති නීතිඥවරයා කීවේය.
ඔහු තවදුරටත් අධිකරණයට කියා සිටියේ දුමින්ද දිසානායක කුඩා කාලයේ සිට හැදී වැඩුනේ අවි ආයුධ තිබුණු වටපිටාවක බැවින් ඔහුට අවි ආයුධ විශේෂත්වයක් නොවුන බවය. එවැනි පසුබිමක අමාත්‍යවරයා විසින් ඔහුගේ මිතුරෙකුට මෙම ගිනි අවිය බැහැර කරනු විනා 68 හැවිරිදි වයෝවෘධ කාන්තාවකට එය බැහැර කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ද ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් පැවසුවේය.
ඔහු කීවේ මෙය හුදෙක් අතාත්වික කරුණු දාමයක් බවය.
ගිනි අවි ආඥා පනතේ 43 වැනි වගන්තිය යටතේ චෝදනා එල්ල කිරීමට බලපත්‍ර නොමැති ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව පළමුවෙන්ම අධිකරණයේ වරදකරුවෙක් විය යුතු බවට ද ජනාධිපති නීතිඥවරයා තර්ක කළේය.
එහෙත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය සියලුම සැකකරුවන් ජුනි මස 05වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කළාය.







