මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව වැලිකන්ද මාදුරුඔය ප්‍රදේශයේ පැල් රැකීමට සහ වී වැපිරීම සඳහා ගොස්, නිරාහාරව දින තුනක් තිස්සේ ගංවතුරට කොටුවී සිටි ගොවීන් පස් දෙනෙකු නිරුපද්‍රිතව 27 වෙනිදා පෙරවරුවේ බේරා ගැනීමට හැකි වූ බව පොළොන්නරුව ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.
එම ගොවීන් පිරිස වාලච්චෙන ප්‍රදේශයේ සිට වී වැපිරීම සහ පැල් රැකීම සඳහා ඉකුත් විසි පස්වැනිදා උදෑසන පැමිණ ඇති අතර මාදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් ඔවුන් පැල් තුළ ගංවතුරට කොටුවී සිටි බව පොළොන්නරුව ආපදා සහන සේවා නිලධාරි පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ උපදෙස් මත, වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරුන් නිශා මහත්මියගේ, මැදිහත්වීමෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා, වැලිකන්ද ආපදා සහන සේවා නිලධාරී එම්. ජී. ජයම්පති බණ්ඩාර, සිවිල් ආරක්ෂක බලකායේ,නියාමක ආර්.බී.ගාමිණී ජයතිලක, නියාමක ජී.ඒ. චිත්‍රානන්ද ගුණරත්න මහතා ඇතුළු වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි පිරිසක් මෙම මෙහෙයුමට එක්ව සිටියහ.
රුවන්පිටිය සහ මැණික්දෙනිය ප්‍රදේශයෙන් මාදුරුඔය ප්‍රදේශයට පැල් රැකීමට ගොස් දින දෙකකට අධික කාලයක් කොටුවී සිටිපන්න ගොවීන් හත් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට එම කණ්ඩායම විසිහය වෙනිදා සමත් වූහ.
මඩකලපුව වාලච්චෙන ප්‍රදේශයේ පදිංචි දමිළ ගොවි මහතුන් වන ඔවුන්ට අවශ්‍ය ජලය සහ පිස්සු ආහාර බෝට්ටුවෙන් රැගෙන ගොස් ලබාදීමට මෙම කණ්ඩායම මානුෂික වු අතර මෙම මෙහෙයුමට යන අතර ඔවුන් ජලයේ සැඩ පහරට ගසාගෙන යෑමට උත්සහ ගත් අතර එම අවාසනාවන්ත සිදුවීම එහි සිටි ආපදා සහන සේවා නිලධාරීන් ව්‍යාර්ථ කරගත්හ.
මෙම ගොවීන් පස්දෙනා බේරා ගැනීමට පැය පහක පමණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා සහන සේවා නිලධාරී පාලිත උපුල් කුමාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.







