අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිගට ඇදෙන ක්‍රිකට් නඩුව!

by editor
දෙසැම්බර් 5, 2023
in පුවත්
Cricket-case
Share on FacebookShare on Twitter

ශම්ම් කිව්වේ හොඳයි අපි බලාගනිමු කියාය. ඇමති යවන තැන දන්නා බවත් කීවේය. හිරි ඔතප් බිඳ ගත් රටේ හැමදේම සෙල්ලමක් වූ විට ක්‍රිකට් මොන සෙල්ලමක් දැයි දැන් අපට හිතෙන්නේය.  කැබිනට් ඇමති ධූර දෙකක් සහිතව සිටි ක්‍රිඩා ඇමතිවරයා සියලු ඇමතිකම්වලින් පන්නා එළියට ඇද දමා ඇත.  ක්‍රිඩා ඇමති තුමා විසින් පත් කළ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුණ රණතුංගත් එළියේය.  

ක්‍රීඩා ඇමතිත් නැති, ක්‍රීඩා ඇමති පත්කළ ක්‍රීඩා කමිටුවත් නැති රටක ක්‍රීඩා ඇමති පත්කළ අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු  අතුරු පාලක කමිටුවට වන දේ රටට පෙනෙන්නේය. දැන් ඇත්තේ එක පාරට කියාගන්න බැරි කමය. අලුත් ක්‍රීඩා ඇමතිවරයා ඇඹරෙමින් ඇත්තේ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට වෙන දේ එකපාරටම කියන්නට ගියොත් තමන්ටත් කෙළවෙන නිසාය.

ඒ ක්‍රිකට් නඩුව අදය.  ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා   ගොනු කළ පෙත්සම අද (05) අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත්කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගත් තීරණය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබුණි.

එහිදී පෙත්සම යළි ලබන 13 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය  සම්බන්ධයෙන් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දරන ස්ථාවරය දැනුම් දෙන ලෙසත් ඔහුගේ නීතිඥවරයාට නියම කළේය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මෙම පෙත්සම අද සෝභිත රාජකරණා සහ ඩී. එන්. සමරකෝන් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නව ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ  ලේඛන තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍යව තිබෙන බව පැවසීය.

ඒ සඳහා කාලය ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම යළි දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට නියෝග කළ අභියාචනාධිකරණය එදින ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය පිළිබඳ නව ක්‍රීඩා අමාත්‍යවරයාගේ  ස්ථාවරය දැනුම් දෙන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාට දැනුම් දුනි.

ඉතින් 13 වැනිදා රටම බලාගෙන ඉන්නේ හරීන් ප්‍රනාන්දු ස්වකීය ජුගුප්සාජනක නිරුවත යළිත් වරක් රටට පෙන්වනු ඇතැයි යන අපුලිනි.

බලයට පත් වී ඉතාම කෙටි කාලයකින් තමන්ට බලය ලැබී ඇත්තේ මහජන ඡන්දයෙන් බව අමතකව සිය අභිමතය පරදි බූරු ගැසිය හැකි යැයි සිතෙන හරීන්ලාට මේ ඔවුන්ගේ නාකයන් කරණම් ගැසූ භූමිය නොවන බවත්, දැන් එය වෙනස් වි ඇති බවත් තේරුම් නොගැනීමේ ප්‍රතිඵල ඔවුන් විසින්ම නුදුරේදී භුක්ති විඳිනු ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර නගර සභාවෙන් කෝටි 02ක් වංචා කළ කළමණාකාර සහකාරවරිය රිමාන්ඩ්!

Next Post

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.