ආයතන සහ පුද්ගලයින්ට ණය අනුමත කිරීම සඳහා ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව තක්සේරු වාර්තාවක් ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට (CRIB) නිර්දේශ කර ඇත.
මෙම නිර්දේශය ලබා දෙන්නේ එම ආංශික අධීක්ෂණ සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය පසුගියදා කැඳවූ අවස්ථාවේ දීය.
මෙහිදී තම ආයතනයේ කාර්ය භාර්ය පැහැදිලි කළ ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය තම ආයතනය විසින් පුද්ගලයින්ගේ හා ආයතනවල මූල්‍ය කටයුතු සිදුවී ඇති ආකාරය ගැන තොරතුරු පමණක් නිකුත් කිරීමට කටයුතු කරන බව පැවසීය
බංකලොත් භාවයට හෝ ණය පියවීමට නොහැකි ආයතන සහ පුද්ගලයින්ට බැංකු මගින් ණය අනුමත කිරීම වැළැක්වීමට වහාම ක්‍රියාමාර්ග ගතයුතු බව සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ආයතන සහ පුද්ගලයින්ට ණය අනුමත කිරීමේදී ඔවුන් පිළිබඳ තොරතුරු ලබාදීමට අමතරව, ශ්‍රේණිගතකිරීම් ඇතුලත් වාර්තාවක් (Rating Report) ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන සැකසීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයට නිර්දේශ ලබා දුන්නේය.
ඒ සඳහා පනත සංශෝධනය කරමින් හැකි ඉක්මනින් කටයුතු කරන ලෙසත් ව්‍යවස්ථාදායක ඒ සඳහා අවශ්‍ය සම්පුර්ණ සහය ලබාදීමට බැඳී සිටින බවත් සභාපතිවරයා අවධාරණය කළේය.
අමෙදින කාරක සභාව හමුවට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශයේ (CRIB) සහ ලෝහෝර් ආර්යා ණය අරමුදලේ නිලධාරීන් පිරිසක් කැඳවා තිබිණි.