බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

by editor
දෙසැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

බිංගිරිය පොලිසිය විසින් ජාතික රුපවාහිනියේ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔහු අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් පොලිසියේ රඳවා තබා ගැනීමෙන් පසු හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

පසුගිය (නොවැම්බර් 30 වැනිදා) පෙරවරුවේ මොහු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර එහිදී දිනෙත් කුමාර මාධ්‍යවේදියාට පොලිසිය එල්ල කළ ප්‍රධාන චෝදනාවක් වුයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන අයුරින් බිංගිරිය පොලිසිය හා පොලිසියේ අවි ගබඩාව වීඩියෝ ගත කිරීමය.

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් දිනෙත් කුමාර මාධ්‍යවේදියා හෙට්ටිපොල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ඔහු දෙසැම්බර් 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

මාධ්‍යවේදී දිනෙත් කුමාර දෙසැම්බර් 01 වැනිදා දෙවනි වතාවටත් හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරණු අතර එහිදී රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එහෙත් දිනෙත් කුමාරට තමන්ගේ කැමරා උපකරණ නොලැබෙන අතර මේ හේතුවෙන් රැකියාව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.

 පොලිසියේ  බොරු පැමිණිල්ල

මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න

“මම පොලිසිය ඉදිරිපිට මාර්ගයේ ඉදලා පැමිණිල්ලකට පොලිසියට ආපු ජනතාව එක්ක තමයි කතා කළේ. ඔවුන්ගේ රූප රාමු තමයි ගත්තේ. මම පොලිසියේ අවි ගබඩාවක් වීඩියෝ කරන්න ගියේ නැහැ. මම පොලිස් පරිශ්‍රයට ගියෙත් නැහැ.” මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න තමන්ට බිංගිරිය පොලිසිය ඉදිරිපිටදී මුහුණ දීමට සිදුවූ අත්දැකීම බීබීසී සිංහල වෙත එලෙස විස්තර කර තිබිණි.

“පොලිස් ස්ථානාධිපතිවරයා කීප වරක් කතා කළාම තමයි මම පොලිසිය ඉදිරිපිටට ගියේ. ඒ අවස්ථාවේ තමයි මට ගහලා මගේ කැමරා උදුර ගත්තේ. මේ සිදුවීම සැලකියයුතු පිරිසක් දැක්කා . මේ රටේ අධිකරණය ගැන පමණයි මට විශ්වාස. මම විශ්වාස කරනවා මට නීතිය ඉටු වෙයි කියලා” මාධ්‍යවේදී දිනෙත් කුමාර පණ්ඩිතරත්න පැවසීය.

සිද්ධියට පසුබිම් වුයේ කුමක් ද?

මාධ්‍යවේදී දිනෙත් කුමාර පසුගිය නොවැම්බර් 30 වැනිදා පෙරවරුවේ බිංගිරිය පොලිසිය ඉදිරිපිටට පැමිණියේ බිංගිරිය ගැටුලාව ගම්මානයේ ගම් වැසියන් කීප දෙනෙකු හමුවී ඔවුන්ගේ ප්‍රකාශ රූගත කර ගැනීම සඳහාය.

දිනෙත් ප්‍රකාශ කරන පරිදි ඔහු පැමිණ ඇත්තේ මෙම ගම්වැසියන්ගේ ආරාධනය ඇතිවය.

“මම ගිය මාසේ 20 වැනිදා වගේ දවසක ගැටුලාවට ගියේ ගමේ මාර්ගයක් කැඩී යාම සම්බන්ධයෙන් වාර්තාවක් ගන්න. මේ ගමේ ජනතාව මට ආරාධනාවක් කළා. ගිහින් බැලුවම මේ ගැටලුවට මුලිකම හේතුව බිංගිරිය ගොවිජන මධ්‍යස්ථානයේ නිලධාරිනියකගේ ක්‍රියාකලාපය. මේ මාර්ගය පිළිසකර කළොත් ඇයගේ ඉඩම් කීපයක් ජලයෙන් යට වෙනවා කියලා තමයි ගමේ මිනිස්සු කිව්වේ.

මම උත්සහා කළා මේ කතාව නිවැරදිව වාර්තා කරන්න. ඒ වගේම මම ගොවිජන සේවා නිලධාරිනිය සම්බන්ධ කරගන්න උත්සහ කළා . නමුත් බැරි වුනා. මේ නිසා මම නමක් ගමක් දැම්මේ නැහැ නිශ්චිතව. නමුත් නිවුස් එක දාලා පැය කීපයකින් මට ගමේ මිනිස්සු කතා කළා ඒ අයට පොලිසියට එන්න කිව්වා කියලා.”

ගොවිජන නිලධාරිනිය කියන කතාව

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බිංගිරිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරී ඉනෝකා ප්‍රියංගනී ප්‍රකාශ කළේ තමන් මාධ්‍යවේදියාට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් නොකළ බවයි .

“මට අපහාස වන අයුරින් වීඩියෝවක් ප්‍රචාරය කරලා තිබුනා .ඒ නිසා මම බිංගිරිය පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා මට අපාහස වන අයුරින් ප්‍රකාශ ප්‍රචාරය කරලා තියනවා කියලා. ප්‍රකාශ දුන්නු කීප දෙනෙක්ගේ නම් තමයි මම පැමිණිල්ලට දැම්මේ.”

අපහාසය අපරාධ වරදක් ද?

කැඩී ගිය පාලම…

“සාපරාධි අපහාසය 2004 වර්ෂයේ සිට අපරාධ වරදක් නෙමෙයි.” එසේ පැවසුවේ මාධ්‍ය නීති සංසදයේ සභාපති නීතිඥ විරංජන හේරත්ය. “අපහාස කළා කියලා පොලිසිය පැමිණිලි භාර ගත්තම එහි කෙළවර මොකද්ද කියන එක ගැටලුවක් තිබෙනවා. පැමිණිල්ලක් භාර ගත්තම එකේ නිශ්චිත අවසානයක් තිබිය යුතුයි. ලංකාවේ අපහාස නීතිය අහෝසි නිසා පොලිසියට පුළුවන් කමක් නැහැ අධිකරණයට ඉදිරිපත් කිරීමක් කරන්න.” ඔහු පෙන්වා දුන්නේය.

“මෙවැනි සිදුවීම් කීපයක් පසුගිය කාලයේ වාර්තා වුණා. එසේම මාධ්‍යවේදී දිනෙත් කියන අකාරයෙන් ඔහු වීඩියෝ ගත කරලා තියෙන්නේ පොලීසියෙන් පිටත සිටයි . පොලිසිය තමයි ඔහුව කැඳවන්නේ . එහෙම කැඳවීමක් කරලා මේ වගේ තත්ත්වයක් උදා කිරීම කෙතරම් නීතියට එකඟද කියන ඒක ගැටලුවක්. මීට වඩා කරුණු දැක්වීම අපහසු මේ නඩුව තවමත් අධිකරණයේ විභාග වන නඩුවක් නිසයි.” නීතිඥ විරංජන හේරත් කියා සිටියේය.

මාධ්‍ය සංවිධාන මොකද කියන්නේ ?

මාධ්‍යවේදී දිනෙත්ට පහරදීම හා අත්අඩංගුවට ගැනීම මේ වන විට මෙරට මාධ්‍ය හා සිවිල් සංවිධාන රැසක් හෙලා දැක තිබේ.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජංගම මාධ්‍යවේදී සංසදය , අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ යන සංවිධාන ඉන් කීපයක් වන අතර ජංගම මාධ්‍යවේදී සංසදයේ ලේකම් හා මාධ්‍ය ප්‍රකාශක චන්දන තිලක් ප්‍රකාශ කළේ දැන් දැන් මාධ්‍යවේදීන් මර්දනය කිරීම සඳහා රජය ආරක්ෂක අංශ යොදා ගනිමින් සිටින බවය.

එහි ආසන්නතම සිදුවීම මෙය බව ප්‍රකාශ කළ චන්දන තිලක් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මධ්‍යවේදියාව පොලිසිය තුළට කැඳවා පහර දී ඔහුගේ කැමරා උපකරණ අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම හෙලා දකින බවද ඔහු පැවසීය.

“මේ මාධ්‍යවේදියාට දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ .ඔහු සේවය කළේ ජාතික රූපවාහිනියට පමණයි . දැන් ඔහුට රැකියාව කරන්න කැමරා උපකරණ නැහැ. ඒ නිසා අපේ සංවිධානය තීරණය කරලා තියනවා ඔහුට කැමරා උපකරණ අරගෙන දෙන්න වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න.”

අලුත් පොලිස්පති වැඩ බලන්න වැඩ ඇල්ලුවා

අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ද බිංගිරිය පොලිසිය සිදුකළ මේ ක්‍රියාව දැඩි ලෙස හෙලා දැක තිබේ.

එහි ජාතික සංවිධායක ජනුර් කිචිලාන් ප්‍රකාශ කළේ නව පොලිස් පතිවරයා වැඩ ආරම්භ කළේ මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගනිමින් බවය.”

අපිට ලොකු විශ්වාසයක් තිබුනා අධිකරණය ගැන. අධිකරණය අපේ සහෝදර මාධ්‍යවේදියාට ඇප ලබා දුන්නා.එසේම අධිකරණය මාධ්‍යවේදී හැඳුනුම්පතට ඇති අයිතිය තහවුරු කළා. ඒ වගේම කියන්න ඕනෑ පාරක සිට මාධ්‍ය කටයුත්තක නිරත වෙන්න මාධ්‍යවේදියෙකුට අයිතියක් තියෙනවා කියලා”

පොලිසියේ ප්‍රතිචාරය – ඔහු මාධ්‍යවේදියෙක් වග දන්නේ නෑ…

“අපි ඔහු අත්අඩංගුවට ගත්තේ පොලිසිය වීඩියෝ කරපු නිසයි” බිංගිරිය පොලිස් ස්ථානාධිපති පී. හැරිසන් පැවසීය.” ඔහු පොලිසිය වීඩියෝ කළා.මම පොලිසියට කැඳවලා ඔහුගෙන් ඇහුවා ඇයි වීඩියෝ කරන්නේ කියලා. ඒ අවස්ථාවේදී ඔහු පොලිසිය ඇතුළත් වීඩියෝ කළා.ඒ නිසයි අපි ඔහු අත්අඩංගුවට ගත්තේ”.

මෙහිදී බීබීසි සිංහල විමසා සිටියේ මාධ්‍යවේදියෙකුට පොලිස් පරිශ්‍රයෙන් පිටත සිට වීඩියෝ ගත කිරීමක් කළ නොහැකිද යන්නයි. එහිදී ඔහු කියා සිටියේ ඒ අවස්ථාවේ ඔහු මාධ්‍යවේදියෙකු යැයි තමා දැන නොසිටි බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණයක් ගන්න නම් මින් පසු CRIB එකෙන් තක්සේරු වාර්තාවකුත්  ගන්න වේවි!

Next Post

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.