සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෑත් හිස නැතිව සපුගස්කන්දේ  කොට්ටුන්න වැවෙන් හමුවූ මුල්ලේරියාවෙන් අතුරුදහන් වූ කාන්තාවගේ ඝාතනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක කී කතාව….

by editor
සැප්තැම්බර් 30, 2023
in පුවත්
සැකකාර ඝාතකයා (මැද) ඝාතනය වූ කාන්තාව...

සැකකාර ඝාතකයා (මැද) ඝාතනය වූ කාන්තාව...

Share on FacebookShare on Twitter

අත් පා මෙන්ම හිසත් වෙන් වී ඇති සිරුරු කොටසක් ලෙස සපුගස්කන්ද කොට්ටුන්න වැවේ ඉවුරකින් හමුවන මුල්ලේරියාවේ දී අතුරුදහන් වූ ජී.ටී.ප්‍රියන්ති (52) නැමැති කාන්තාවගේ ඝාතනය සම්බන්ධව නිශ්චිත තොරතුරක් කිව හැක්කේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව බවත් ඒ සඳහා තව දින කීපයක් ගතවනු ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව අද (30) පැවසීය.

Nihal-Thaduwa
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව

මෙම ඝාතන සිද්ධියේදී කාන්තාවගේ අත් පා සහ හිස සිරුරෙන් කපා ඉවත් කළාද නැතහොත් එම සිරුරු කොටස් සතුන් විසින් කා විනාශ වී ඇති ද යන්න පිළිබඳව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් පසු තහවුරු වනු ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

සිද්ධිය වූ දිනට පසු දිනම මුල්ලේරියාව පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධව මූලික තොරතුරු සියල්ල හෙළිදරව් කරගත් බවත් දැනට මෙම ඝාතන සිද්ධිය සම්බන්ධව සැක පිට ඇය සමග අවසන් අවස්ථාවේ ගතකළ  පුද්ගලයා සොයා විමර්ශන කණ්ඩායම් කීපයක් විමර්ශන ආරම්භ කර ඇති බව ඔහු පැහැදිලි කළේය.

කාන්තාව සමග අවසන් වරට   KI 3030 දරණ අලු පැහැති මෝටර් රථයෙන් ගමන් කරන්නේ   සියඹලාපේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන සුධීර වසන්ත  නැමැත්තෙකි. අපරාධය සිදුවූ දා සිට ඔහු ආගිය අතක් නැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විසින්  සිද්ධිය පිළිබඳ කළ දීර්ඝ පැහැදිලි කිරීම මෙසේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඝාතනය වුන ප්‍රියන්ති…

“  පසුගිය 27 වැනදා මුල්ලේරියාව පොලිසියට පැමිණිල්ලක් එනවා මුල්ලේරියාව  රෝහල පාරේ  පදිංචි කාන්තාවක් අතුරුදහන් වෙලා තියනවා කියලා.”

“මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කළා මුල්ලේරියාව පොලිසිය. එහිදී අනාවරණය වුනා කඩුවෙල ප්‍රදේශයට මෙම කාන්තාව  එදා දවසේ  ගමන් කරලා තියනවා කියලා.”

“පසුව කළ සොයා බැලීම්ව දී කඩුවෙල යම් කිසි පුද්ගලයෙක් සමග අවන් හලක ඉන්නවා දැකලා තිබුණා සී.සී.ටී.වී දර්ශනවලින්. “

“ඒ හඳුනාගැනීම්වලින් පස්සේ ඒ පුද්ගලයා සොයාගෙන ගියාම ඔහු සපුගස්කන්ද පොලිස් බල ප්‍රදේශයේ පුද්ගලයෙක් බව අනාවරණය වුනා. “

“නමුත් ඔහුගේ පදිංචි ස්ථානය වෙනත් කට්ටියක කුලියට දීලා ඔහු වෙනත් තැනකට ගිය බව තමයි තොරතුරු තිබුණේ.”

“ඒ ස්ථානයත් පොලිසිය විසින් සොයා ගත්තා. ඒ නිවස සොයාගෙන පරීක්ෂා කිරීමේ දී සැක සහිත තත්ත්වයක් ඒ නිවස තුළ තිබුණා.”

“ඒ පරීක්ෂා කිරීම් කරන අතරතුර සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබිලා තිබුණා සපුගස්කන්ද පොලිස් වසමේ කොට්ටුන්න කියන වැවේ ඉවුරක කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට.”

“ඒ අනුව එම මෘත ශරීරය   රෝහලේ මෘත ශරීරාගාරයට අරන් ගියා.  මේ මෘත ශරීරයේ හිස, ඒ කියන්නේ බෙල්ලෙන් උඩ කොට තිබුණෙ නෑ. ඒ වගේම අත් දෙක තිබුණෙ නෑ. ඒ  වනවිටත් කබරයො වැනි සත්තු ඒ ස්ථානයෙ හිටියා.”

“ඒ නිසා මක් වෙලාද මේ අත් පය නැත්තේ, ඒ අත් පය සතුන් විසින් කා දමල ද  කියන කාරණය තහවුරු වීමක් තිබුණේ නෑ.”

“කෙසේ වෙතත් ඊයේ දිනයේ දී මුල්ලේරිව සහ සපුගස්ගන්ද පොලිස් ස්ථාන ඒකාබද්ධව සිදුකළ විමර්ශනය නිසා ඒ ඥාතීන් මෘත ශරීය පරීක්ෂා කළා. පරීක්ෂා කරලා ඥාතීන් හඳුනා ගත්තා මේ ඔවුන්ගේ නැතිවෙච්චි ඥාතිවරිය බවට.”

“ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරනවා. පොලිසිය තවදුරටත් උත්සාහ කරනවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ උපදෙස් මත කටයුතු කරන්න.  මේ අත් දෙකත් හිසත් යම් ස්ථානයක තියනවා නම්  තව දුරටත් උත්සාහ කරනවා ඒ පිළිබඳව සොයා බැලීමක් කරන්නට.”

“ඒ නිසා තව දින කීපයකින් පශ්චාත් මරණ පරීක්ෂණය සිද්ධ වෙන්නේ.”

“මෙම කාන්තාව වයස අවුරුදු 52ක කාන්තාවක්. මුල්ලේරියාව රෝහල පාරේ පදිංචි වෙලා හිටිය.  ඇයගේ අත් දෙක හිස කපලා වෙන් කරලද , නැතිනම් සතුන් කාලාද කියලා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන තුරු කියන්න බෑ.

මේ තත්තවය තුළ මුල්ලේරියාව සහ සපුගස්කන්ද යන පොලිස් ස්ථාන දෙකම ඒකාබද්ධව පරීක්ෂණ අඛණ්ඩව  සිදුකරනවා.

සැකකරු අනාවරණය කරගෙන ඉවරයි.

මුල්ලේරියාව පොලිසිය ට 27 වැනිදා ලැබෙන පැමිණිල්ලට ඉතාම ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා තිබුණා. 28 වැනිදා දවල් කාලය වනවිට මේ සියලු තොරතුරු අනාවරණය කරගෙන අවසන් වුනා.

මේ කාන්තාව කොහෙටද ගිහින් තියෙන්නේ,  කා එක්කද ගිහින් තියෙන්නෙ කියන කාරණා දුරකථන ඇමතුම් පැමිණි අංකත්  විශ්ලේෂණය කරලා තවදුරටත් විශ්වාසනීයව තහවුරු කර ගත්තා.

ඇය අවසන් වරට පුද්ගලයෙක් සමග ගමන්  කරන  කාර් රථය සම්බන්ධව සොයා බලලා ඔවුන් අනාවරණය කරගත්තා අදාල සැකකරු සම්බන්ධ සියලුම තොරතුරුත්.

එම පුද්ගලයා සමග තමයි අවසානයේ මේ කාන්තාව ඉඳලා තියෙන්නේ. ඒ නිසා පොලිසිය සැකයක් ඇතිකරගෙන තියනවා ඔහු ගැන. අපට එක එල්ලේම කියන්න බෑ ඔහු වරදකරුවෙක්  කියන්න බෑ. නමුත් අපට සැකයක් ඇතිකරගැනීමේ හැකියාව තියනවා විමර්ශන නිලධාරින් විදිහට ඔහු සම්බන්ධව.

ඒ සැකය ඔස්සේ දැනට අවශ්‍ය විමර්ශන කටයුතු සිදුකරනවා.

සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා  දැනට කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ  කොට්ඨාස අපරාධ විමර්ශන අංශයත් අනෙකුත් විමර්ශන කණ්ඩායම් කීපයක් යොදවා තිබෙනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති ආරක්ෂක කොට්ඨාසයේ ගංජා සාජන්ට් ගංජා තොගයක් සමග කොටු!

Next Post

හබරාදූවේ දී  විදේශිකයෙක් දියේ ගිලී මරුට… කොග්ගල මෝය කට අසල දී පාසල් සිසුවෙකුත් ගිලී මිය යයි! 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.