දාරළුවේ කෘඩියා සෙලනිකා ශාකය මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කපා ඉවත් කිරීමට හෝ වෙනත් කිසිම තැනකට ගලවා විතැන් කිරීමේ කිසිසේත් සූදානමක් නොමැති බවත් මාර්ග සැලසුම වෙනස් කර ගස මැදි කර මාර්ගය ඉදි කිරීමට තීරණය කළ බවත් වනජීවී හා වනසම්පත් ඇමති සී.බී රත්නායක අද ප්‍රකාශ කළේය.
පරිසර ඇමති මහින්ද අමරවීර ද මේ ගස ඉවත්කිරීම සම්බන්ධව අකමැත්ත පල කර තිබුණු බවත් පරිසරවේදීන් හා ප්‍රමාණික උගතුන් මනාලෙස වැඩී ඇති මෙම ගස විතැන් කිරීම ප්‍රායෝගික නොවන බව දක්වා ඇති නිසා මේ තීන්දුව ගත් බවත් ඇමතිවරයා කීවේය.

මේ සම්බන්ධව මාර්ග සංවර්ධන අධිකාරියට ලිඛිතව දන්වා ඇති අතර කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට ද තමන් කටයුතු කරන බව සී.බී.රත්නායක ඇමතිවරයා වැඩිදුරටත් කීවේය.







