සුමිත් පොතුපිටිය –
ස්වාමී පුරුෂයා සමග ඇතිකරගත් ආරවුලකින් උරණව දරු දෙදෙනා බෙන්තර පාළම මත තබා ගගට පැන ඇති කාන්තාවක බේරාගෙන ඇතැයි අලුත්ගම පොලිසිය සදහන් කරයි.
බලංගොඩ ප්රදේශයේ පදිංචි කාන්තාව ඇල්පිටිය ඌරගස්මංහන්දියේ පුද්ගලයකු සමග විවාහවී ඇති අතර දෙදෙනා අතර නිතර නිතර ආරවුල් පැවැත ඇතැයිද සදහන් වේ.
අද පස්වරුවේ අවුරුදු 9 ක් වයසැති පුතා සහ අවුරුදු 1 යි මාස 6 ක් වයසැති ගැහැණු දියණිය රැගෙනවිත් බෙන්තර පාළම මත තබා පාලමට ගොඩබිම දෙසට ඇති ආරක්ෂක වැටෙන් අඩි 40 ක් පමණ උසක සිට ජලයට පැන ඇතැයිද පොලිසිය කීය.
ජලාශයේ ගසාගෙන යමින් සිටි කාන්තාව, ඒ අසල රැදී සිටී ජලක්රීඩා කරන තරුණයකු විසින් බේරාගෙන ඇතැයි සදහන් වේ .
අලුත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වති .







