බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටට සොහොන් ලකුණු පෙන්වන ඖෂධ හිඟය…

by editor
පෙබරවාරි 26, 2023
in පුවත්
No-Medicine
Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ –

මෙම දිනවල පවතින    උග්‍ර බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය හිඟය මත  රජයේ රෝහල්වල දැනට  සැළසුම් කර ඇති අත්‍යවශ්‍ය නොවන සැත්කම් (සාමාන්‍ය සැත්කම් ) සියල්ල කල් දැමීමට  සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙන ඇති හදිසි තීරණය හේතුවෙන් රෝගී ජනතාව  දැඩි අසීරුතාවන්ට  මුහුණ පා  සිටිති ..පුද්ගලික රෝහල්වලින්  සැත්කම් සිදු කර ගැනීමේදී ඒ සඳහා  අධික වියදමක් දැරීමට සිදුව ඇති තත්ත්වයක් තුළ රජයේ රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය සැත්කම් කල් දැමීම යනු රෝගීන් කබලෙන් ලිපට ඇද දැමීමකි.

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් හා ශල්‍ය උපකරණ 140ක් පමණ මෙම දිනවල හිඟව පවතින බව මේ වන විට හෙළි වී ඇති අතර මෙවැනි  බෙහෙත් හිඟයක් පැවතියදී ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ,මෙරටට ආනයනය කරනු ලබන බෙහෙත් වර්ගවලින් සියයට 80 ක්ම මෙරට ලියාපදිංචි කර  නොමැති බෙහෙත් වර්ග බවට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් කර ඇති හෙළිදරව්වත් සමගම මෙරටට ගෙන්වන බෙහෙත්වල  ප්‍රමිතිය  පිළිබඳව  නැවත වරක්   දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුව ඇත .

දැනට මෙරටට ගෙන්වීමට සැළසුම් කර ඇති බෙහෙත් වර්ග අතරින් ඇතැමක්   මෙරට අසාදුලේඛනගත කරන ලද(බ්ලැක් ලිස්ට් ) බෙහෙත් සමාගම් වලින් ගෙන්වීමට සැළසුම් කර ඇති බව පෙන්වා දී  ඇති වෛද්‍ය විජේවික්‍රම  මෙවැනි තත්ත්වයක් යටතේ මෙම බෙහෙත් සමග අතුරු ආබාධද පැමිණිය හැකි නිසා මෙරට රජයේ  රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජීවිත අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව අවධාරණය කර තිබේ .ඔහුට අනුව මෙරටට ඉන්දීයානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කෙරෙන බෙහෙත් වර්ගවලින් සියයට 80ක් මෙරට ලියාපදිංචි බෙහෙත් වර්ග නොවන බව පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු පවසා ඇති අතර  නිසි ඇගයීමක් නොමැතිව මෙම බෙහෙත් වර්ග බොහොමයක් අසාදු ලේඛනගත කරන ලද සමාගම්වලින් ආනයනය කිරීමට පියවර ගෙන තිබේ .

ඖෂධ හිඟය නිසා රෝහල් අම්බලම් බවට පත් වෙමින් ඇත…

මෙය ඉතාමත් බරපතල තත්ත්වයක්  වනුයේ බාල බෙහෙත් ගෙන්වීම මෙන්ම බෙහෙත් හිඟයක් ඇති වීම යනු  රෝගී ජනතාව පීඩාවට පත් කෙරෙන ඇතැම් විට ඔවුන් මරු කටට ඇද දැමිය වුව හැකි සිද්ධියක් විය හැකි වීම නිසාය .මෙරටට බාල හා අනවශ්‍ය බෙහෙත් වර්ග ගෙන්වීම අද ඊයේ ඇති වූ තත්ත්වයක් නොවන අතර එය දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් ඉහළ බලධාරීන්ගේ ද සහය ඇතිව සිදු වන්නකි . මෙම ක්‍රියාදාමය සඳහා මෙරට තිබෙන ඇතැම් බෙහෙත් ආනයනික සමාගම්ද ඍජුව  දායක වී තිබේ,

මෙහිදී වඩාත් බරපතල වනුයේ මෙසේ ගෙන්වන  ලියාපදිංචි නොකළ බෙහෙත් වර්ග අතර මෙරටට අත්‍යවශ්‍ය නොවන බෙහෙත් වර්ගද  පැවතීම බව වෛද්‍ය විජේවික්‍රම මහතා ඉකුත් 09දා  කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී පැවසීය “ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට අවශ්‍ය බෙහෙත් ගෙන ඒම සඳහා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවක රජයේ රෝහල්වලට අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පැවතියදී ගෙන්වීමට යෝජනා කර ඇත්තේ කැස්සට ලබා දෙන බෙහෙත් ,ඒ සඳහා ලබා දෙන සැපීම කරන බෙහෙතක් , ක්‍රීම් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය නොවන බෙහෙත් වර්ග ණයට ගෙන්වීමට බව ඔහු කීවේය  වෛද්‍ය විජේවික්‍රම මහතාට  අනුව  .මෙසේ ණයට ගෙන්වීමට යනුයේ  අනවශ්‍ය බෙහෙත් සහිත ලැයිස්තුවක් වන අතර .මේවායේ ණය අප විසින් ගෙවිය යුතු වේ .”වෛද්‍ය සැපයුම් අංශයේ  බෙහෙත් ලැයිස්තුවේ තිබී අනවශ්‍යයැයි හඳුනාගෙන ඉවත් කළ බෙහෙත් වර්ග පවා ගෙන්වීමට ඉල්ලා ඇති බෙහෙත් ලැයිස්තුවේ තිබීම ගැටළුවක් .ඉකුත් අප්‍රේල් මාසයේ සිට ඒ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද පලක් වුයේ නැහැ .අප සහ බලධාරීන් අතර ගෙන්වන බෙහෙත් සම්බන්ධයෙන් පැවති සාකච්ජා නැවතුණා .ණයට අනවශ්‍ය බෙහෙත් ගෙන ඒම නැවත්වීමට අප යෝජනා කළා ” වෛද්‍ය විජේවික්‍රම මහතා වැඩිදුරටත් සඳහන් කළේය ;

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අනාවරණය වී ඇති තොරතුරුවලට අනුව සෞඛ්‍ය ඇමතිවරයා විසින්  ඉකුත් ඔක්තෝබර් මස 25 හා දෙසැම්බර් 05 යන දෙදිනේ බෙහෙත් ගෙන්වීම සඳහා අනුමැතිය ඉල්ලමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකා දෙකෙන් එකකින් මෙරට අසාදු ලේඛනගත කර ඇති “කෝෂික් ” නමැති බෙහෙත් සමාගමෙන් බෙහෙත් වර්ග විසි ගණනක් ගෙන්වීමට අවසරය ඉල්ලා තිබේ . .එහෙත් තවමත් කැබිනට් මණ්ඩලය එයට අනුමැතිය ලබා දී නොමැති අතර  බ්ලැක් ලිස්ට් කළ ආයතනයකින් බෙහෙත් වර්ග ගෙන්වීමට යන බව මාධ්‍ය මගින් අනාවරණය කිරීමත් සමගම එම ලැයිස්තුව ඉවත් කරගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  සඳහන් කර තිබේ .මේ වන විට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බෙහෙත් ලැයිස්තුවේ ඇති බෙහෙත් වර්ග 270න් බොහොමයක් අත්‍යවශ්‍ය  නොවන බෙහෙත් වර්ග බව පැවසෙන අතර  .බෙහෙත් වර්ග ගෙන්වීමේදී නියාමනයක් තිබිය යුතු බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස වී තිබේ . එසේ නොමැතිව අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පසෙක ලා අනවශ්‍ය බෙහෙත් වර්ග මෙරටට ගෙන්වීමෙන් සිදු වනුයේ මුදල් නිකරුණේ අපතේ යාම පමණකි .

බාල බෙහෙත් ගෙන්වීම රට මුහණ දෙන බරපතල ගැටලුවකි…

බාල බෙහෙත් ගෙන්වීම මුල් කරගත් බෙහෙත් ජාවාරම දෙවැනි වනුයේ අවි ආයුධ ජාවාරමට පමණකි .ඒ  හරහා සිදු වන කොමිස් මුදල් ඉපයීම අති මහත්ය .දශක කිහිපයක සිට රාජ්‍ය ඖෂධ සංස්ථාව හරහා  මෙරටට තත්ත්වයෙන් බාල බෙහෙත් ගෙන්වීමෙන් සිදු කර ඇති මුදල් නාස්තිය රුපියල් කෝටි ප්‍රකෝටි ගණනකි .සැම වසරකම සංස්ථාවට අයත් ගබඩාවල ගොඩ ගැසෙන තත්ත්වයෙන් බාල බෙහෙත් තොගවල අඩුවක්ද දක්නට නොලැබෙනුයේ බාල බෙහෙත් මෙරටට ගෙන්වීමෙන් බහු ජාතික බෙහෙත් සමාගම්වලින් කොමිස් මුදල් ගරා ගනු ලබන ඉහළ නිළධාරීන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හිඟ නොවීම හේතුවෙනි .මෙරට ඉතිහාසයේ කක්කල් කැස්ස සඳහා ;ලබා දෙන බාල එන්නත්වල සිට රුබෙල්ලා එන්නත් හා වෙනත්  පුස් වර්ග අඩංගු එන්නත් වර්ග දක්වා ළමුන්ට හා වැඩිහිටියන්ට මරු කැඳවූ තත්ත්වයෙන් බාල එන්නත් හා බෙහෙත් වර්ග සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්ගේ අනුග්‍රහයෙන් ගෙන්වා රෝහල්වලට බෙදා හැර තිබු අවස්ථා එමටය .මෙම සැම සිදුවීමක් සම්බන්ධයෙන්ම අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණ පැවැත්වුවද එම පරීක්ෂණ වාර්තාවලට සිදු වූ දෙයක් නොමැත ..

මෙවැනි තත්ත්වයක් පැවතියදී  රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව තවත් පීඩාවකට ලක් කරමින් අසාදු ලේඛනගත කරන ලද බෙහෙත් සමාගම්වලින් බාල බෙහෙත් මෙරටට ගෙන්වීමට ඇතැමුන් දරණ ප්‍රයත්නය සාමුහිකව පරාජයට පත් කිරීම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ යුතුකම හා වගකීමක් වේ .එය හුදෙක් වචනවලට පමණක් සීමා වන විරෝධයක් නොවිය යුතු අතර ප්‍රායෝගිකව ප්‍රතිපල ගෙන දෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු විරෝධයකි .කෙසේ වුවද මෙතෙක් ඒ සම්බන්ධයෙන් එවැනි විරෝධයක් මතුව නොමැති අතර සිය දීමනා හා වැටුප් සම්බන්ධයෙන් මතු වන සුළු ගැටළුවකදී පවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් කරා යොමු වන සෞඛ්‍ය වෘත්තීය සමිතිද මේ සම්බන්ධයෙන් මුනිවත රැකීම ගැටළුවකි .

මේ වන විට බෙහෙත් වර්ග පමණක් නොව එක්ස්රේ ජායාරුප සටහන් කරන කඩදාසිවල සිට  රෝහල්වල රුධිර පරීක්ෂණ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණවල හිඟයක්ද රෝහල්වල පැවතියදී එම අත්‍යවශ්‍ය  හිඟ බෙහෙත් හා අනෙකුත් ද්‍රව්‍ය  ගෙන්වීමට අවශ්‍ය පියවර නොගෙන අනවශ්‍ය බාල බෙහෙත් වර්ග මෙරටට ගෙන්වීම සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීම නොකළ යුත්තකි .

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට අනුව  බොහෝ රජයේ රෝහල්වල මෙම දිනවල පවතින හිඟය නිසා එකම එක්ස් රේ ජායාරුප සටහන් කඩදාසිය හතරට කපා මුද්‍රණය කරන බවත් එම කඩදාසි අවසන් වූ පසු රෝගියා ලවා සී ඩී තැටියක් ගෙන්වා ගෙන වාර්තාව එයට දමා ලබා දීම සිදු කෙරේ .මෙවැනි අසීරු තත්ත්වයක් පැවතියදී අනවශ්‍ය බෙහෙත් වර්ග  ගෙන්වීම සඳහා  .අවශ්‍ය පියවර ගැනීම සිදු නොකළ යුත්තකි .සෞඛ්‍ය බලධාරීන් විසින් මෙම මොහොතේ සිදු කළ යුත්තේ රජයේ රෝහල්වල පවතින බෙහෙත් හා ශල්‍ය ද්‍රව්‍ය වල හිඟය මගහරවා හදිසි සැත්කම් මෙන්ම සැළසුම් කළ සැත්කම් සාමාන්‍ය පරිදි සිදු කිරීම තහවුරු කිරීම  මිස පවතින තත්ත්වය තවත් අවුල්සහගත කිරීම නොවන බව අවධාරණය කරමු .

Share69Tweet43
Previous Post

දරු දෙදෙනා පාලම මත තබා බෙන්තර පාලමින් පැන්න මවක් බේරා ගනී!

Next Post

ඉතාලියට එමින් සිටි නීති විරෝධී සංක්‍රමණිකයින් 58ක් බෝට්ටුව අනතුරට ලක් වී මරුට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.