රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජනප්‍රිය නිළි දමිතා අබේරත්න මහත්මියව රුපියල් ලක්ෂ 5ක ශරී්ර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
ගාලු මුවදොර පිටියේ පිහිටි ගෝටාගෝගම අරගලයේ කැපී පෙනෙන සාමාජිකවක වූ ඇය ජනාධිපති කාර්යාලයට ඇතුල් වී එහි දේපළවලට හානි කරා යැයි ද, පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළා යැයි ද චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය.
සැප්තැම්බර් 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණත් අධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කරමින් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු තර්ක කළේ මෙවැනිම සිද්ධියකට ඇප මත නිදහස්ව සිටියදී මෙම වැරදි සම්බන්ධයෙන් චෝදනා කිරීම නිවැරදි නොවන බවයි.







