බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ අරගලය දෙස බලා ලාබ සතුටක් ලබන්න එපා… සිංහල ජනතාවට වැඩි  ප්‍රශ්න දෙමළ ජනතාවට තියනවා… ආනන්ද සංගරි

අරගලය ඇතිවෙන්නෙ ගෝටා ගෝ හෝම් කියන්නටම නෙමෙයි...  මේ ආර්ථික ව්‍යසනයට වගකිවයුතු සියලු  සිංහල දෙමළ සියලු දේශපාලකයන්ට එරෙහිවයි...

by editor
අප්‍රේල් 24, 2022
in පුවත්
Ananda-Sangari
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

සිංහල ජනතාවගෙන් පිරිසක් රජය සමග විරසකව ගැටුම් ඇති කර ගන්නා පරිසරයක දෙමළ ජනතාව ඒ දෙස බලා සිනාසීම නොකළ යුතු බවත් සියලු ජාතීන්ට අයත් දේශපාලනඥයින් මහජන මුදල්වලින් පෞද්ගලික සැප සම්පත් විදීමට යාම නිසා රටට මේ තත්ත්වය උදා වූ බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද සංගරී  23 දා යාපනයේදී පැවසිය.

යාපනයේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන්ට අදහස් දැක් වූ හෙතෙම කියා සිටියේ මේ තත්ත්වයට දෙමළ දේශපාලනඥයින්ද වගකිව යුතුව ඇති බවයි.

රට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් මහජනතාවට කළ හැකි දෙයක් නොමැති බවත් සියළු දේශපාලනඥයින් මේ අවස්ථාවේදී රට ගැන සිතා  විශාල කැපකිරීමක් කළ යුතු බවත් කී පක්ෂ නායකයා  දේශපාලනඥයින් විසින් විඳිනු ලබන මහා පරිමාණයේ සැප සම්පත් අතහැර දමා ජනතාවට සහන සලසා දීමට පියවර ගත යුතුව ඇතැයිද කියා සිටියේය.

ජනාධිපතිවරයාට මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳා දෙමළ ප්‍රශ්නයට විසදුමක් ලබාදීමටත් රටේ සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා වේගවත් ගමනක් දියත් කිරීමටත් හැකියාව හා ශක්තිය තිබෙන නමුත් ඔහුට වැරදි උපදෙස් ලබා දුන් පිරිසකගේ වුවමනාවන්ට කටයුතු කිරීම නිසා ජනාධිපතිවරයා මේ තත්ත්වයට පත්ව ඇති බව ආනන්ද සංගරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජනතාව ජනාධිපතිවරයාට එරෙහිව විරෝධතා දක්වද්දී දෙමළ ජන්තාව ඉන් සතුටට පත් වී අත්පොලසන් නොදිය යුතු බවත් රටේ සිංහල ජනතාවට වඩා දෙමළ ජනතාවට ප්‍රශ්න ඇති බව දෙමළ ජනතාව මනාව තේරුම් ගත යුතු බවත් ඔහු  ප්‍රකාශ කළේය.

වසර ගණනාවක් පවති යුද්ධය නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට ඉතා ප්‍රබල ලෙස දේශපාලනයට පිවිසීමට හැකියාව නොලැබුණු බවත්  එල්.ටී.ටි.ඊ.සංවිධානයේ අසාධාරණ බලපෑම් නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව වෙනත් ගමනක් යාමට පටන් ගත් නමුත් තමන්ට ඒ අවස්ථාවේදී ප්‍රභාකරන්ගෙන් මරණීය තර්ජන එල්ල වූ බවත් ඔහු සඳහන් කළේය.

වර්තමානය වන විට දෙමළ දේශපාලනය තුළ දක්නට ඇත්තේ දැඩි ව්‍යාකූලභාවයක් බව පෙන්වා දුන් ඔහු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මේ රටේ පැරණිම දෙමළ දේශපාලන පක්ෂය හැටියට දෙමළ ජනතාව සමග රැඳී සිටින බවත්  පෞද්ගලික වාසි වෙනුවෙන් තම පක්ෂය ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් ආනන්ද සංගරී  හිටපු මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය දේශ සීමාවේ චීනය තැනූ සංඥා කුළුණු

Next Post

නම්බුකාර විදිහට අයින් වෙන්න කල් දුන්නා… දැන් නම් පන්නනවා… ආණ්ඩුවෙන් ස්වාධීන වූ කණ්ඩායම සපථ වෙයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.