දකුණු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික තොගයක් සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා සඳහා මත්ද්‍රව්‍ය සැපයූ බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් පස්දෙනෙකු (05) මිරිස්ස ධීවර වරායේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
“දීලීෂ 03” නමැති මෙම බහුදින ධීවර යාත්‍රාව මගින් දකුණු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් දෙවිඳු සහ චූටි මල්ලී නැමැති බහුදින ධීවර යාත්‍රා දෙක මෙම වෙත මත්ද්‍රව්‍ය තොගය සැපයූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. දිලීෂ 03 යාත්‍රාවට එම මත්ද්‍රව්‍ය තොගය ලැබී ඇති බව කියන්නේ ඉරාණ යාත්‍රාවක් මගිනි.
පසුගිය සිකුරාදා දින මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ඊයේ (25) දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබූ සැකකරුවන් 11 දෙනා අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන මේ වනවිට ප්‍රශ්න කරමින් ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව එක්ව සිදුකරමින් පවතී.









