සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් ණය තේවලින් ගෙවයි

by Lanka Sara Editor
දෙසැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරාන තෙල් සමාගමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවිය යුතු හිඟ ඩොලර් 250,925,169 ක මුදල මෙරට තේ අපනයනයෙන් පියවීමට අවබෝධතා ගිවිසුමක් (MoU) අද (21) අත්සන් කර තිබේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් හා වෙළෙඳ අමාත්‍යාංශය අතර මෙම ගිවිසුම අත්සන් තැබිණ.

අද දහවල් 12.00 ට විදේශ අමාත්‍යාංශයේ දී සිදු වූ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කළේ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ ඉරානයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍යය අලිරේසා පෙය්මන්පාක් දෙදෙනායි.

යෝජිත යෝජනා ක්‍රමය අනුව ලංකා තේ අපනයනය වැඩි කිරීම හරහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ජාතික ඉරාන තෙල් සමාගමට ඇති අමෙරිකානු ඩොලර් 250,925,169/= ක දිගුකාලීන ණය පියවීම සඳහා යාන්ත්‍රණයක් සකස් කෙරේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඒ අනුව මෙම යෝජනා ක්‍රමය මගින් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් දේශීය මුදලින් පියවීම සිදු කිරීමට හැකි වේ.

පසුගිය දශක කිහිපය තුළ ලංකා තේ ආනයනය කරන ඉහළම රටවල් 10 අතර සිටි ඉරානයට 2012 නොවැම්බර් මාසයේදී
අමෙරිකාව විසින් සම්බාධක පනවා තිබේ.

බැංකු පද්ධතිය හරහා පිළිගත් ගෙවීම් යාන්ත්‍රණයක් නොමැති වීම නිසා මෙරට තේ අපනයනකරුවන් හට අපනයන ආදායම ලබා ගැනීමට අපහසු විය.

මේ ආර්ථික සම්බාධක හේතුවෙන් 2016 දී 47% ක පමණ වෙළඳපල කොටසක් හිමිව තිබූ සිලෝන් ටී වෙළඳපොළ 2020 දී 25% දක්වා පහත වැටුණි.

මේ හේතුවෙන් 2013 වසරේ දී තේ කිලෝග්‍රෑම් මිලියන 38.42ක් ශ්‍රී ලංකාවෙන් ඉරානයට අපනයනය කෙරුණද 2020 දී එය කිලෝග්‍රෑම් මිලියන 14.73 දක්වා පහත වැටිණි.

මෙම යෝජනා ක්‍රමය යටතේ මුදල් අමාත්‍යාංශය විසින් සෑම මසකම පළමු සඳුදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත මසකට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් ශ්‍රී ලංකා රුපියල් නිකුත් කිරීමට අපේක්ෂිතය.

මෙම යාන්ත්‍රණය පිළිගත් විගණන සමාගමක් හරහා පරීක්ෂාවට ලක්කෙරේ.

නිර්දේශයන්ට පදනම්ව මුදල් අමාත්‍යාංශය විසින් මුදා හරින ලද අරමුදල්වලින් තේ අපනයනකරුවන්ට ගෙවිය යුතු ගෙවීම් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සිදු කරයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ විදේශ ප්‍රේෂණ සම්බන්ධ නොවේ.

එබැවින් කිසිදු ජාත්‍යන්තර මුදල් ගනුදෙනුවකින් තොරව ඉරානයට සිලෝන් ටී සැපයීම සඳහා මසකට ඩොලර් මිලියන 5කට සමාන මුදලක් ලබාදීමට යෝජිත වැඩපිළිවෙළ යටතේ අපේක්ෂා කෙරේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 24ක්…

Next Post

“අපි මෙව්වද වේදිකාවලට නැගලා කිව්වෙ..“  රාජ්‍ය ඇමති විදුර අපෙන් අසයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.