බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තුර්කි මානුෂීය මෙහෙයුමට එකතු වුන මෙක්සිකෝවේ ලෝ ප්‍රකට සුනඛ බලඇණිය…

by editor
පෙබරවාරි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

සඳුදා (පෙබ. 6) ඇතිවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන්වලට යටවී සිටින මිනිසුන් සෙවීමට, මෙක්සිකෝව සිය සුප්‍රසිද්ධ සෙවුම් සහ ගලවාගැනීමේ සුනඛයන් කණ්ඩායමක් තුර්කියට යැවීමට පියවර ගත්තේය.

එම සුනඛයන් 16 දෙනා රැගත් ගුවන් යානය පසුගිය අඟහරුවාදා මෙක්සිකෝවෙන් පිටත්විය.

නිතර භූමිකම්පාවලට ගොදුරු වන මෙක්සිකෝව සතුව, ආපදා ඇතිවූ විට උපකාර කිරීමට බොහෝවිට යොදවනු ලබන විශේෂ පුහුණුවක් ලැබූ සිවිල් සහ හමුදා කණ්ඩායම් සිටියි.

2017 වසරේ එරට සිදුවූ භූමිකම්පාවේ දී ජීවිත ගණනක් බේරාගැනීමට සමත්වූ සුනඛයෝ මෙක්සිකානුවන්ගේ හදවත් දිනාගත්හ.
ආරක්ෂිත ඇස් කණ්ණාඩි සහ බූට් සපත්තු පැළඳ, මෙක්සිකෝ නගරයේ දිවි ගලවාගත් පුද්ගලයින් සොයමින් සිටි ‘ෆ්‍රීඩා’ නම් කහ පැහැති ලැබ්‍රඩෝර් රිට්‍රීවර් වර්ගයේ සුනඛයෙක් ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගත්තා ය.

ෆ්‍රීඩා මෙක්සිකෝවේ ප්‍රසිද්ධ ම ගලවා ගැනීමේ සුනඛයා බවට පත්වූයේ, පුද්ගලයන් 12 දෙනෙකු බේරාගෙන, මළ සිරුරු 40ක් සොයා ගැනීමෙන් පසුව ය

මෙක්සිකෝව, හයිටි, ග්වාතමාලා සහ ඉක්වදෝරය පුරා සිදු කළ මෙහෙයුම්වලදී ජීවිත 12ක් බේරාගැනීම සහ මළ සිරුරු 40ක් සොයාගැනීම සම්බන්ධයෙන් ෆ්‍රීඩා නාවික හමුදාවේ ගෞරවයට පාත්‍රවිය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වයස්ගතභාවය හේතුවෙන් ෆ්‍රීඩා පසුගිය වසරේ මියගියත්, 2017 වසරේ මෙක්සිකෝ භූමිකම්පාවෙන් පසු ගලවාගැනීම් සඳහා සම්බන්ධවුණු ඇගේ සුනඛ සගයන් තුර්කියට ගිය මෙක්සිකානු නාවික හමුදා කණ්ඩායමේ කොටස්කරුවන්ය.

බෙල්ජියම් මැලිනොවා වර්ගයේ සුනඛයෙකු වන ‘එකෝ’, ඔහුගේ නාවික හමුදා පුහුණුකරු සමග මෙක්සිකෝ නගරයේ ගුවන් තොටුපළේ සිටිනු දක්නට ලැබිණි.

තුර්කිය වෙත යවන ලද සුනඛයින් අතර එකෝ ද සිටියි

සුනඛයින් යෙදවීම හමුදාමය පියවරක් පමණක් නොවේ. ලොස් ටොපොස් ඩි ට්ලැටෙලොල්කෝ (Los Topos de Tlatelolco – ලාභ නොලබන මෙක්සිකානු ගලවා ගැනීමේ කණ්ඩායමක්) සිවිල් සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම ද තුර්කිය වෙත ගමන් කළේය.
මනා පළපුරුද්දක් ඇති එම ස්වේච්ඡා සේවක කණ්ඩායම මෙක්සිකෝවේ විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ්ට පණිවිඩයක් යවා, ඔවුන්ගේ උපකාරය ලබාදෙන බව ප්‍රකාශකර ඇත.

පැය කිහිපයක් ඇතුළත එබ්‍රාඩ් ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, මෙක්සිකෝ නගරයේ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේ සහාය ඇතිව ඔවුන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසා ඇති බව ය.

රතු කුරුස සංවිධානයේ සාමාජිකයෙකු තම සිව්පා සගයා සමග ගුවන් යානයේ සිටින වීඩියෝවක් ද විදේශ අමාත්‍යවරයා විසින් පළකරනු ලැබ තිබේ.

එම වීඩියෝවේ සිටින ඒන්ජල් ඩැනියෙල් හර්නෑන්ඩස් පවසන්නේ, වසර පහකට පෙර ජර්මන් ෂෙපර්ඩ් වර්ගයට අයත් සුනඛයෙකු වන රෙක්ස් හදා වඩා ගැනීමට පටන්ගත් දා සිට ඔහු රෙක්ස් පුහුණු කරනබව ය.

මෙක්සිකානු ගුවන් හමුදාවට අයත් යානයට ගොඩවීමට සුනඛයින් ධාවන පථය මත රැඳී සිටි අයුරු

තුර්කියේ සහ සිරියාවේ ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සඳහා සුනඛයන් යැවූ එක ම රට මෙක්සිකෝව නොවේ.
ක්‍රොඒෂියාව, චෙක් ජනරජය, ජර්මනිය, ග්‍රීසිය, ලිබියාව, පෝලන්තය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් ද පුහුණුකරුවන් සමග සුනඛයන් යොදවා ඇත.

බර යන්ත්‍ර සූත්‍ර භාවිතය නිසා, සිරවී සිටින අයගේ ජීවිත අවදානමට ලක් කරමින් සුන්බුන් තවදුරටත් කඩා වැටීමට ඉඩ ඇති ප්‍රදේශවල දී මෙම සතුන් බොහෝවිට යොදා ගනු ලබයි.

ඉවකර මිනිසුන් සිටින තැන් හඹා යාමටත්, බුරමින් සහ බිම හාරමින් ඔවුන්ගේ පුහුණුකරුවන්ව එම තැන් පිළිබඳව දැනුවත් කිරීමට ත් මෙම සුනඛයින් පුහුණුකර ඇත.

මෙක්සිකානු නිලධාරීන් පවසන්නේ, ඔවුන්ගේ ප්‍රයත්නය “ජීවිත බේරාගැනීම” බවත්, සුනඛයින්ට මළ සිරුරු මෙන් ම සුන්බුන් යට සිරවී සිටින පණ ඇති පුද්ගලයින්ව සොයා ගැනීමට හැකිවුවත්, කඩිනමින් සුනඛයින් යෙදවීම මගින් මළ සිරුරු ගොඩගැනීම නොව මිනිසුන්ගේ දිවි ගලවාගැනීම බලාපොරොත්තුව බවත් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

 ජනපති උතුරේ ගොවීන්ගේ වී ටිකට සහතික මිලක් දෙයි!

Next Post

කොක්අඩිචෝලේ වැවක් මැද ඔරුවක් පෙරළී තරුණ ගුරුවරයෙක් සහ සිසුන් තිදෙනෙක් මරුට…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.