බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ජනපති උතුරේ ගොවීන්ගේ වී ටිකට සහතික මිලක් දෙයි!

by editor
පෙබරවාරි 12, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  ජනාධිපති රනිල්  වික්‍රමසිංහ  නිලධාරීන්ට උපදෙස්  දී ඇත.

උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක් වෙමිනි.

Padddy

පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා  එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය .

“ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමට රජය කඩිනමින් කටයුතු කළා.  ඒ නිසා මෙවර මහ කන්නයේ දී වී අස්වැන්නේ අතිරික්තයක් ලැබෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව සහල් කිලෝවක් රුපියල් 100ක සහතික මිලකට රජයෙන් මිලදී ගන්න කටයුතු කරනවා. “

“අද බොහෝ පිරිසක් ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳිනවා. අස්වැන්න වැඩිවුණත් සහල් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නැති කොටසක් සිටිනවා. ඒ නිසා  පවුල් ලක්ෂ විස්සකට මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී සහල් කිලෝ ග්‍රැම් 10 බැගින් නොමිලේ ලබාදීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව සිංහල, දෙමළ අලුත් අවුරුදු සමය වන විට ඒ අයට සහල් කිලෝ 20ක් ලැබී තිබෙනවා. “

“දැනට හෙක්ටයාරයකට ලැබෙන්නේ වී මෙට්‍රික් ටොන් 03ක වගේ ප්‍රමාණයක්. අපි ක්‍රියාවට නංවනු ලබන කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන සමඟ හෙක්ටයාරයකට වී මෙට්‍රික් ටොන් හයක්වත් ලබා ගන්න අපට අවශ්‍යයි. හැකිනම් එය මෙට්‍රික් ටොන් 07 දක්වා වර්ධනය කරගත යුතුයි. “

“එම දියුණුව ඇතිකර ගැනීමට අවශ්‍ය  පහසුකම් ලබාදීමට රජය කටයුතු කරනවා. මීට වඩා වී මිලදී ගැනීමේ ක්‍රම  සහ ගබඩා කිරීමේ ක්‍රම ඉන් පසුව නිර්මාණය වේවි. ඒ වගේම කුඩා පරිමාණ සහ මධ්‍ය පරිමාණ නවීන හාල් මෝල් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ වසර දෙක තුළදී ඒ කටයුතු සාර්ථක කර ගැනීමට අපිට හැකි වේවි. “

“මේ ප්‍රදේශයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීමට අපි සැලසුම් කර තිබෙනවා. පුනරින් වැව ප්‍රතිසංස්කරණය කිරීමට අපි කටයුතු කරනවා. ඉරනමඩු වැව මේ වනවිට සකස් කර අවසන්. “

යාපනය දිස්ත්‍රික්කය සහ උතුරු පළාත නැවත රටටම ආහාර සැපයිය හැකි තරම් අස්වැන්නක් ලැබීමට හැකි පළාතක් බවට පත් කිරීමට අපි කටයුතු කරනවා. මීට අමතරව සත්ව ආහාර නිෂ්පාදනය කිරීමේ කටයුතු ආරම්භ කිරීමටත් පියවර ගැනීම අපේ අපේක්ෂාවයි.”

ධීවර අමාත්‍ය  ඩග්ලස් දේවානන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේශ්වරන්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ උතුරු පළාතේ රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව කිළිනොච්චිය, පන්නම් කන්ඩි වෙල්යාය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ   එහි සිටි ගොවි ජනතාවගේ ද ගැටලු පිළිබඳ සොයා බලමින් ඔවුන් සමඟ සුහද කථා බහක නිරත විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පැමිණ සිටි කුඩා දරුවන් අතරට ගොස් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද විමසා බැලීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ මාසයේ  ගල් අඟුරුවල බිල බිලියන 20.2ක්… ගෙවන්න සල්ලි නෑ… පැමිණි නැව් දෙකකට බිලියන 6.4ක් ගෙවිය යුතුයි!

Next Post

තුර්කි මානුෂීය මෙහෙයුමට එකතු වුන මෙක්සිකෝවේ ලෝ ප්‍රකට සුනඛ බලඇණිය…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.