දැනට රටට ගල් අඟුරු නැව් තුනක් පැමිණ ඇති බවත් ඉන් නෞකා දෙක්ක සඳහා ගෙවීමට අවශ්‍යවන රුපියල් බිලියන 6.4ක මුදල මෙතෙක් ලැබී නැති බවත් ලංකා ගල් අඟුරු සමාගම පවසයි.
ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර පවසන්නේගල් අඟුරු මිලදී ගැනීම සඳහා මෙම මාසයේදී රුපියල් බිලියන 20.2 ක මුදලක් අවශ්‍ය බවය.
සභාපතිවරයා පැවසුවේ මෙම වැය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ඉල්ලීම් ඉදිරිපත් කර ඇති නමුත් පැමින ඇති නෞකා තුනෙන් දෙකක් සඳහා ගෙවීමට අවශ්‍ය රුපියල් බිලියන 6.4ක මුදල තවමත් ලැබී නැති බවය.
පැමිණි එක නෞකාවක තොග මේ වනවිට ගොඩබාමින් සිටින බවත් සභාපතිවරයා පැවසුවේය.
නැවු තුනේ අන්තර්ගත ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000 කි.