අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

මෝටර් රේසිං පථයේ පෙරළි කරන  අවුරුදු දාසයේ ඉළන්දාරියා!

by editor
පෙබරවාරි 12, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

‘කාර් රේස්‘ යැයි අප කට වහරෙට කියන මෝටර් රථ ධාවන පිටිය ලොමු දැහැ ගන්වන ක්‍රීඩාවකි. බොරළු ඇතිරූ දුෂ්කර සුපර් ක්‍රොස් ධාවන පථයේ  පමණක් නොව තාර ඇතිරූ සාමාන්‍ය ධාවන පථයේදිත් තරගකරුවන් ‘රේස් පදිද්දී ප්‍රේක්ෂකයන් දෑස් දල්වා බලා සිටින්නේ එබැවිනි.

පැයට කිලෝමීටර් 180ක වේගයෙන් වංගු ගනිමින් එක පෙළට මෝටර් රථ පෙරමුණ ගැනීමට තරග කරද්දී මුළු පළාතම ගිගුම් දෙයි. එවැනි ක්‍රීඩාවක නිරතවන 16 හැවිරිදි ලාබාළ ක්‍රීඩකයකු සිටින බව ඔබ දන්නවාද ? යන්තම් දැලි රැවුල වැඩෙන භද්‍ර යව්වනයේ පසුවන මේ ඉලන්දාරියා කේසර ගොඩගේ ය.

කේසර ගොඩගේ.

කේසර ගොඩගේ වයසින් ලාබාළ වූවත් ඔහු දැනටමත් මෝටර් රථ තරග බිමේ අවුරුදු පහක අත්දැකීම්   එකතුකරගෙන හමාරය. 11 හැවිරිදි වියේදී  මුලින්ම මෝටර් රථයට ගොඩ වූ කේසර කාලයාගේ අවෑමෙන් මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ මූලික තරග අංශය වන මුලින්ම නිසාන් මාච් කාණ්ඩයේ තරගයේ සිට පිලිවෙළින්  වැඩි වේගයෙන් යුතු  එස්එල්ඊ 1300, එස්එල්එන්, එස්එල්එච් තරග අංශ දක්වා සිය දස්කම් විදහා දක්වමින් ඉදිරියට පැමිණ සිටින අතර, ඔහුගේ මීළඟ ඉලක්කය මෙරට මෝටර් රථ තරග බිමේ ප්‍රමුඛතම තරගය වන අශ්වබල 3500 එස්එල්ජීටී සුපිරි මෝටර් රථ තරගයයි.

ප්‍රේක්ෂකයන් මවිතයට පත් කරමින් ධාවන පථයේ දුහුවිලි කාගෙන ඉදිරියට ඇදෙන මෝටර් රථ තරග අංශයේ කාගෙත් වැඩි අවධානයට ලක්වූ අශ්වබල 350 වේගවත්ම තරග අංශයට ඉතිහාසයේ මෙතෙක් මෙවැනි ලාබාළ ක්‍රීඩකයකු තරග කර නැත. දැන් කේසර සූදානම් වන්නේ මේ අභියෝගය ජය ගැනීමටය.

මෝටර් රථ ක්‍රීඩාවට එක්වීමෙන් වැඩි කතාබහට ලක්වූවත් කේසර ගොඩගේ මෙරට යතුරු පැදි ක්‍රීඩාවේ හුරුපුරුදු නමකි. හෙතෙම යතුරුපැදි ක්‍රීඩාවෙන් දස්කම් පෙන්වීමට පටන් ගත්තේ අවුරුදු 5ක තරම් කුඩා වයසක සිටමය. මුලින්ම 50සීසී කුඩා වර්ගයේ යතුරුපැදියකින් අවුරුදු 10න් පහළ යතුරුපැදි තරගයට එක්වූ කේසර ඒ අතින් වසර 11ක අත්දැකීම් ඇති තරගකරුවෙකි. යතුරු පැදි සහ මෝටර් රථ දෙඅංශයෙන්ම මෙවැනි ළාබාල වයසකදී ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩකයකු මෙරට රේස් පිටියේ නොසිටි බවත් කියැවේ.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

කොළඹ කේන්ද්‍ර කරගත් ජාත්‍යන්තර පාසලක කේම්බ්‍රිජ් විෂය ධාරා ගණිත අංශයෙන් උසස්පෙළ හදාරන කේසර රේස් පැදීමට මෙන්ම අධ්‍යාපනයටත් උපන් හපනෙකි. ඔහුගේ අනාගත සිහිනය යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමය. එය මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයට නෑකම් කියන විෂය පථයකි. ඔහුගේ ඉලක්කය ධාවන පථයේ එකතු කරගත් අත්දැකීම් හා දැනුම තව දුරටත් අධ්‍යාපනයෙන් ඉහළ නංවාගැනීමය.

2022 – කළුතර

ඔහු මේ විෂයධාරාව තෝරාගෙන ඇත්තේ තවදුරටත් ක්‍රීඩාවේ රැඳී සිටීමේ අරමුණ ඇතිවය. තාක්ෂණික දැනුම ක්‍රීඩාවට අත්‍යවශ්‍ය බව ඔහු දැනටමත් අවබෝධ කරගෙන සිටී.

‘මැෂින් එක දන්නේ නැතිව පදින්න අමාරුයි. වෘත්තීය වශයෙන් ඉස්සරහට යද්දී මගේ ක්‍රීඩාවත් එක්ක යන්න ලේසි නිසා තමයි මං මේ විෂයධාරාව තෝරාගත්තේ. ඒක ලෝකයේ වේගයෙන්ම දියුණු වන විෂයධාරාවක්.‘ ඔහු එසේ කීවේය.

‘යාන්ත්‍රික ඉංජිනේරු විෂය දවසින් දවස අලුත් වෙනවා. ඒක අපි හිතනවාට වඩා ඉහළ මට්ටමකයි තියෙන්නේ. රේස් පදින ඕනෑම කෙනකුට මේ යාන්ත්‍රික අවබෝධය තියෙන්න ඕනා කියලයි මම හිතන්නේ.‘ ඔහු දැනටමත් සිය ක්‍රීඩාවට සම්බන්ධ විෂය ධාරාව පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කර තිබේ.  දිනෙන් දින තාක්ෂණය දියුණුවන ලෝකයක මෝටර් රථ ක්‍රීඩාව ද ඉදිරියට යන බව කේසර කියයි.

මෝටර් රථ ක්‍රීඩාවට එක්වන ඕනෑම ක්‍රීඩකයකුගේ අවසන් ඉලක්කය අශ්වබල 3500 එස්එල්ජීටී අතිවේගවත් සුපිරි තරග ඉසව්වය. ඒ සඳහා ඊට පසුපසින් ඇති තරග ඉසව් රැසකින්ම පළමු ජයග්‍රාහකයන් තිදෙනා අතරට වාර කිහිපයක් පැමිණ තිබිය යුතුය. එම සුදුසුකම් දැනටමත් සපුරා තිබුණ ද, කේසරගේ අදහස ප්‍රමුඛතම තරග ඉසව්වට එක්වීමට පෙර තව අත්දැකීම් ලබා ගත යුතු බවය.

මෝටර් රථ ක්‍රීඩාවෙන් පෙරළිකාරයකු වුවද තවමත් ළමාවියේ පසුවන කේසරගේ ළමා ලෝකයේ එකම වීරයා ඔහුගේ පියා වන ධම්මික ගොඩගේ ය. ඔහු නිරතුරුවම සෙවණැල්ල සේ කේසරගේ පසුපසින් සිටියද එය අංග සම්පූර්ණ වීමට නම් ධාවන පථයේ තරග කිරීමට නම් සිය ආදරණීය මව සාවිත්‍රි සහ එකම සොහොයුරිය මිනදි එතැන සිටිය යුතුමය.

‘අම්මලා ආවම මට ඒක ලොකු හයියක්. නිකං හිතට හරි සැහැල්ලුවක් වගේ දැනෙනවා. එතකොට තරග කරන්නත් ආසා හිතෙනවා.‘ ඔහු එසේ කියන්නේ සිනාසෙමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික ආහාර ව්‍යාප්ත කරන්නට ජම්මු කාශ්මීර රජයෙන් නව ව්‍යාපෘතියක්

Next Post

මේ මාසයේ  ගල් අඟුරුවල බිල බිලියන 20.2ක්… ගෙවන්න සල්ලි නෑ… පැමිණි නැව් දෙකකට බිලියන 6.4ක් ගෙවිය යුතුයි!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.