තුර්කය විසින් පාකිස්ථානයට රහසිගතව සයිබර් හමුදාවක් නිර්මාණය කිරීමට සහයදී දී ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වේ.
ඒ අනුව තුර්කය විසින් පාකිස්ථානය සමඟ ඇති කරගත් ද්වීපාර්ශවීය ගිවිසුම යටතේ රහසිගතව මෙම සයිබර් හමුදාව නිර්මාණය කිරීමට අවශ්‍ය සහය ලබා දී තිබේ. එම හමුදාව මගින් ඇමරිකා එක්සත් ජනපදය හා ඉන්දියාවට ප්‍රහාරයක් දීමට මෙමගින් හැකියාව පවතින බවටද වාර්තාවේ.
මෙම සයිබර් හමුදාව මගින් පාකිස්ථානයට මහජන මතය වෙනස් කිරීමද අග්නිදිග ආසියාවේ මුස්ලිම්වරුන්ගේ අදහස්වලට බලපෑම් කිරීමට, එක්සත් ජනපදයට සහ ඉන්දියාවට පහර දීමට සහ පකිස්තාන පාලකයින්ට එරෙහිව එල්ල වූ විවේචන වලක්වාලීමට කටයුතු කර ඇති බවද සඳහන් වේ.
2018 දී තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය සුලෙයිමාන් සොයිලු සමඟ පැවති සාකච්ඡාවකදී එවකට අගමැති ඉම්රාන් ඛාන් විසින් මෙම සැලැස්ම ඉදිරියට ගෙන යන ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
තුර්කය සහ පාකිස්ථානය අතර ඇති කරගත් සයිරබර් අපරාධ පිටු දැකීමේ ගිවිසුමට වසංවී මෙම සයිබර් හමුදාව නිර්මාණය කර ඇති බවද එහිදී බටහිර එරෙහි මතවාද පාකිස්ථාන ජනතාව තුල පැතිරවීමත් ඉන්දියාව එරෙහි දැඩි මතධාරී ජනතාවක් නිර්මාණය කිරීමට එමගින් පියවර ගෙන තිබේ.
මෙම සයිබර් හමුදාව මගින් ඉතා සූක්ෂමව ජනතා මත වෙනස් කිරීමට හැකියාව පවතින අතර එමගින් පවතින පාලනය තන්ත්‍රයට පක්ෂ පාතී මෙන්ම දැඩි මතදාරී පිරිසක් නිර්මාණය කිරීමටද හැකියාව පවති.
ඒ අනුව මෙම සයිබර් හමුදාවන් දැඩි බලපෑමක් එල්ල කළ හැකි සූක්ෂම ක්‍රියාන්විතයක් වේ.







