මහනුවර ප්‍රධාන පෙළේ පාසැල් තුනක උසස් පෙළ හදාරණ සිසුන් තිදෙනෙකු ගංජා සමඟ මහනුවර පොලීසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිසුන් පෞද්ගලික පංති වලට සහභාගි වීමට පැමිණ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය තුළ ගංජා ඉරීමට සැරසරමින් සිටියදී පොලිස් නිලධාරීන් මෙම හදිසි පරික්ෂාව සිදුකර ඇත
එහි දී ඔවුන් සතුව තිබී ගංජා මිලි ග්රෑම් 3000 ක් සොයා ගෙන ඇත.
පෞද්ගලික පංති වලට සහභාගි වීම සඳහා පන්ති ගාස්තු වශයෙන් දෙමව්පියන් ලබාදෙන මුදල් වැයකර මත්ද්‍රව්‍යය මිලට ගන්නා සිසුන් පංති වලට සහභාගි නොවී එම මත්ද්‍රව්‍යය භාවිත කර නගරයේ සැරිසරන බවට ලද තොරතුරු මත පොලීසිය අදාළ වැටලීම සිදුකර තිබේ.
උසස් පෙළ හදාරණ ඇතැම් සිසුන් ඔවුන් අධ්‍යාපනය ලබන පාසැල්වල පහළ පන්තින්හි සිසුන්ට තර්ජනය කර මුදල් ලබා ගන්නා සිද්ධීන් සම්බන්ධයෙන් ද තොරතුරු පොලිසියට මින් පෙර ලැබී තිබිණි.