දිනසේන රතුගමගේ –
තුන් වන වරටත් යාපනය විශ්ව විද්‍යාලය තුළ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් සිසුවකු 9 දා තුවාල ලබා තිබේ.
යාපනය මනිපායී පොලීසිය සදහන් කලේ විශ්ව විද්‍යාලයේ නවක ශිෂ්‍යයෙකු කොට කලිසමකින් සැරසී විශ්ව විද්‍යාල සිසුවෙකු නොවන තවත් අයෙකු සමග විශ්ව විද්‍යාලයට පැමිණීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම පහර දීම සිදුව ඇති බවයි.
මෙම පහර දීමේ සිද්ධියට යාපනය විශ්ව විද්‍යාලයේ තුන් වන හා හතර වන වසරවල සිසුන් පිරිසක් සහභාගී වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර පහර කෑමට ලක්ව ඇත්තේ විශ්ව විද්‍යාල සිසුවකු නොවන අයෙකු සමග කොට කලිසමකින් සැරසී විශ්ව විද්‍යාල භූමිය තුළට පැමිණි නවක සිසුවා බවටද තොරතුරු හෙළිවී තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ නවක වධය ලබා දෙන මේ කාලයේදී සිසුන් අතර ගැටුම් හටගත් තුන් වන අවස්ථාව මෙය වන අතර මීට පෙර පහර දීමකට සහභාගී වූ එක් සිසුවකුගේ ශිෂ්‍යභාවයද විශ්ව විද්‍යාල පාලක මණ්ඩලය විසින් අහෝසි කොට තිබේ.
කොට කළිසමක් ඇදගෙන සිටි බවට චෝදනා කරමින් සිදු වූ මෙම තුන්වන ප්‍රහාරය පිළිබදව යාපනය විශ්ව විද්‍යාලයේ විනය කමිටුවට අදාල සිසුවා විසින් පැමිණිලි කිරිමෙන් පසුව විශ්ව විද්‍යාල බලධාරීන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඒ අතරවාරයේ මනිපායී පොලීසියටද පැමිණිලි කොට තිබේ.
මනිපායී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







