රටේ පවතින විදේශ සංචිත ප්‍රමාණය පිළිබඳව නිවැරදි ගණන් හිලව් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය. මේ වනවිට පවතින විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියනයකටත් වඩා අඩු බවට වාර්තා පළ වන බවත් පාර්ලිමේන්තුවට මේ තොරතුරු නිවැරදි ව වරින් වරට ඉදිරිපත් කළ හොත් ඒ් පිලිබඳව ඉදිරියේදී ගත යුතු පියවර සාකචඡා කළ හැකි වනු ඇති බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී තවදුරටත් සඳහන් කර සිටියේය.
ඒහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
“ අපට රටේ විදේශ සංචිත පිළිබ දව නිවැරදි අගයයන් දැන ගැනීමට කැමතියි. අපි දකිනවා පසුගියදා ඉන්දියාවෙන් සහ චීනයෙන් ලබා දුන් ස්වැප් මූල්‍ය හුවමාරු ණය සහ ඉන්දියාවෙන් ලද ණය සහනයත් මේ විදේශ සංචිතවලට එකතු කර පෙන්වනවා. එය එසේ නොකළ යුතුයි. ණය වශයෙන් ලැබුණු ඒ්වා වෙනමත් සත්‍ය විදේශ සංචිත ප්‍රමාණයත් පාර්ලිමේන්තුවට මහජන ගිණුම් කාරක සභාවට ඉදිරිපත් කළ යුතුයි . ඒ් වගේම මම ඊයේත් සඳහන් කළාක් මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙබරවාරි මාසයේ තුන්වනි සතියේදී ඒහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කිරීමන් පසුව ඉදිරිපත් කරන ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාවත් පාර්ලිම්න්තුවේ සභාගත කරන ලෙස මා ඉල්ලා සිටිනවා. “ යයිද ද පැවසීය.