තමන් ළඟ මුදල් ආයෝජනය කරන පුද්ගලයන් ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු සූක්ෂම ලෙස භාවිත කිරීමට ව්‍යාපාරිකයන්ට කෝටි ගණන් වංචා කළ බවට චෝදනාවට ලක්ව ඇති තිළිණි ප්‍රියමාලි කටයුතු කර ඇති බව විමර්ශෂනවලදී අනාවරණය වී ඇත.
ඔවුන්ගෙන්ද මෙම කාන්තාව මුදල් ආයෝජන ලබා ගෙන ඇති අතර ඒවා නිසි කලට වෙලාවට ගනුදෙනු පියවා ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කර ඇති බව මෙම ආරංචි මාර්ග අනාවරණය කරයි.
ලංකාසර ට වාර්තා වන ආකාරයට මෙම අමාත්‍යවරුන් අයකු මෑතදී රජයට එක්වූ තරුණ අමාත්‍යවරයෙකි. ව්‍යාපාරික සබඳතා සහිත මෙම තරුණ අමාත්‍යවරයාගෙන් ආයෝජන ලෙස මුදල් ලබා ගෙන ඇති අතර තිළිණි කර ඇත්තේ අදාළ ගනුදෙනු නිසි කලට පියවා තමන් ඉලක්ක කරන සෙසු ආයෝජකයන්ට “අහවල් ඇමතිතුමාත් මේකට සල්ලි දැම්මා . වෙලාවට ගනුදෙනු කළා… බොරු නම් අහල බලන්න“ යනුවෙන් ප්‍රකාශ කිරීමයි.
අදාළ අමාත්‍යවරයා දන්නා පුද්ගලයන් ඔහුගෙන් මෙම කාන්තාව පිළිබඳව විමසූ විට තමන්ට මුදල් ආයෝජනය කළ බවත් අදාළ ප්රතිලාභ නියමිත ආකාරයට ලබා දුන් බවත් සඳහන් කර ඇති බව කියවේ.
තිළිනි සෙසු ආයෝජකයන් ගේ විශ්වාසය ලබා ගැනීම සඳහා එලෙස සූක්ෂම ලෙසින් මෙම තරුණ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් දෙදෙනකු සම්බන්ධ කරගෙන ඇත.
අදාළ සැකකාර කාන්තාව පිළිබඳව සැලකිය යුතු තොරතුරු ප්‍රමාණයක් මේ වනවිට විමර්ශණ අංශ විසින් අනාවරණය කරනු ලැබ ඇති අතර ඇය මීට අමතරව විවිධ ප්‍රභූ කාන්තාවන්ද සූක්ෂම ව සිය ප්‍රචාරණයට සම්බන්ධ කරගෙන ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.







