කීර්ති ප්‍රනාන්දු –
වරකාපොල දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටී මව සහ දරුවෙක් අතුරුදහන්වී ඇත. අධික වර්ෂාව මධ්‍යයේ මේ වනවිටත් මෙහෙයුම් කණ්ඩායම් මුදා ගැනීමේ කටයුතු සිදුකරමින් ඇත.
අගුරුවැල්ල වරකාපොළ මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබේ.
මුදා ගැනීමේ කණ්ඩායම් අනුමාන කර තිබුණේ නිවසේ සිවු දෙනෙක් ඇති බවය. නමුත් එක් දරුවෙක් අමතර පන්තියකට සහභාගී වීම සඳහා නිවසින් පිටවී ගොස් සිට ඇත.
සුන්බුන් අතර සිරවී සිටි පියා මුදාගෙන රෝහල්ගත කර තිබේ.
මව සහ දරුවා සොයා කරන මෙහෙයුම් සඳහා සිංහරෙජිමේන්තුවේ නිලධාරීන් යොදවා තිබේ.